Home Science News කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේ

කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේ

by Sathya

ඊයේ දිනට NASA ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kennedy Space Center) ස්ථාපනය කොට වසර 63ක් සපිරුණා. ෆ්ලොරිඩාහි නැඟෙනහිර වෙරළට මුහුණලා ඉදිවූ මේ සංකීර්ණය 1962 ජුලි 01 දා විවෘත කෙරුණේ ‘දියත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය’ යන අරුත දෙන ‘Launch Operations Center’ යන නමින් යුතු වයි.

60 දශකය නිමා වීමට පෙර ඇමරිකානු ගගනගාමීන් සඳමතට ගොඩබසින බව ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ජාතිය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සඳහා අවැසි Saturn V රොකට්ටුව දියත් කිරීම⁣⁣⁣ට කේප් කැනැවරල්හි තබූ දියත් කිරීමේ පුවරු ප්‍රමාණවත් නොවන බව NASA බලධාරීන්ට පෙනී ගියා. ඒ අනුව සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටි Merit Islandහි නව දියත් කිරීමේ සංකීර්ණය ඉදිකිරීමට පියවර ගැනුණා.

1960 ගණන්වල සිට, මෙම අභ්‍යවකාශ තොටුපළ එක්සත් ජනපදයෙන් උඩුගුවනට පිවිසෙන සියලු ම නියමු අභ්‍යවකාශ ගමන් සඳහා සත්කාරකත්වය ලබා දී ඇති අතර, ඊට ඇපලෝ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් සහ අභ්‍යවකාශ ෂටල ගුවන් ගමන් 135ක් ඇතුළත් වනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications