Home Science News ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි

ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි

by Sathya

ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා.

ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට රොබෝතික HTV-X යානය දියත් වුණේ ජපානය සතු H3 රොකටයක ආධාරයෙන්. එය හෙට දිනයේ (29) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඈඳීමට නියමිත ව තිබෙනවා.

HTV-X යනු ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනය (JAXA) මෙතෙක් භාවිත කළ H-II Transfer Vehicle (HTV) යානයේ අනුප්‍රාප්තිකයායි. විශ්‍රාම ගැන්වීමට පෙර H-II Transfer Vehicle (HTV) යානය 2009ත් 2020ත් අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව වතාවක් මෙහෙයුම් සඳහා පිටත් ව ගොස් තිබෙනවා.

මීටර් 8 ක් උස මෙම නව ප්‍රවාහන යානය එහි පූර්වගාමියාට වඩා මීටර් 1.2කින් පමණ කෙටි වුව ද, එයට දළ වශයෙන් සමාන බරක් සහිත ව (කිලෝග්‍රෑම් 6,000 ක් පමණ) පහළ පෘථිවි කක්ෂයට ගෙන යාමේ හැකියාවෙන් යුක්තයි.

HTV-X යානයේ ප්‍රථම පියාසැරිය සමඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන යානා ගණන හතර දක්වා ඉහළ යනවා. ඒ අනුව රුසියාවේ Progress, Northrop Grumman සමාගමේ Cygnus සහ SpaceX සමාගමේ Dragon යානා අතරට ජපානයේ HTV-X යානය ද ඇතුළත් වනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications