Home Science News අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’

අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’

by Sathya

අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්‍යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු ‘ගිනි වළල්ලක්’ ලෙසට දිස් වනු ඇති. එම කාලය තුළ සූර්යයා සිහින් බාහිර වළල්ලක් ලෙස දර්ශනය වන අතර, විනාඩි 2යි තත්පර 20ක උපරිම ග්‍රහණ අවස්ථාවකින් යුක්ත වනු ඇත.

ඇන්ටාක්ටිකාවේ ඉතා කුඩා කලාපයක් පමණක් මෙම වළයාකාර ග්‍රහණයේ පථයට අයත් වනවා. දළ වශයෙන් කිලෝමීටර 4,282 සහ කිලෝමීටර 616ක් පළලැති මං තීරුවකට වලයාකාර ග්‍රහණය දස් වන අතර, එහි දී චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 96%ක් පමණ ආවරණය කරනු ලබනවා. ඇන්ටාක්ටිකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින අයට මෙන් ම දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ අන්ත දකුණු ප්‍රදේශවල සිටින නරඹන්නන්ට සම්පූර්ණ ‘ගිනි වළල්ලක්’ වෙනුවට අර්ධ සූර්යග්‍රහණයක් පමණක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවන්නේ චන්ද්‍රයා පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන විට, චන්ද්‍රයා පෘථිවියේ සිට බොහෝ ඈතින් පිහිටීම නිසා සූර්ය තැටිය සම්පූර්ණයෙන් ම ආවරණය කිරීමට නො හැකි වූ අවස්ථාවල දීයි. මෙහි දී සාපේක්ෂ ව කුඩාවට පෙනෙන චන්ද්‍රයා විසින් සූර්යයාගේ පිටත දීප්තිමත් වළල්ලක් නිරාවරණය වන ලෙස ඉතිරි කරන අතර, උපරිම ග්‍රහණ අවස්ථාවේ දී මෙය බොහෝ විට ‘ගිනි වළල්ලක්’ (ring of fire) ලෙස හඳුන්වනු ලබනවා.

සෞන්දර්ය සෙනරත්

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications