Science News ‘තවදුරටත් රහසිගත UFO දර්ශන නිකුත් කරන්න බෑ’ එක්සත් ජනපද නාවික හමුදාව පවසයි cmadurawalaSeptember 14, 2022015 views එක්සත් ජනපද නාවික හමුදාව පසුගිය දා ලිපියක් මගින් තහවුරු කළේ ජාතික ආරක්ෂක රහස් වශයෙන් සැලකෙන තවමත් නිකුත් නනා නොගත් පියාසර වස්තූන් හෙවත් UFO දර්ශන තමන් සතු ව ඇති බවයි. එක්සත් ජනපද නාවික හමුදාව සතු ව හඳුනා නොගත් පියාසර වස්තූන් හා හඳුනා නොගත් ගුවන් සංසිද්ධි පිළිබඳ මෙතෙක් නොදුටු වීඩියෝ පට පවතින නමුත් ජාතික ආරක්ෂාවට හානි වන බැවින් ඒ දර්ශන පිටතට නිකුත් නොකරනු ඇති බව නාවික හමුදා නිලධාරියෙක් පසුගිය බදාදා පැවසුවා. මේ කරුණ හෙළි වී ඇත්තේ එක්සත් ජනපද රජයේ විනිවිදභාවය පිළිබඳ වාර්තා කරන The Black Vault වෙබ් අඩවිය විසින් ගොනු කරන ලද ඉල්ලීමකට පිළිතුරක් වශයෙනුයි.මේ තොරතුරු නිකුත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට හානියක් වනු ඇති බවත්, එමගින් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හා නාවික හමුදාවේ මෙහෙයුම් මෙන් ම සිය හැකියාවන් සහ දුර්වලතා සම්බන්ධයෙන් සතුරු රාජ්යකයන් වෙත වටිනා තොරතුරු සැපයෙනු ඇති බවත් නාවික හමුදාවේ FOIA කාර්යාලයේ (තොරතුරු දැනගැනීමේ පනත යටතේ යොමු කෙරෙන විමසුම්වලට ප්රහතිචාර දැක්වීම සඳහා නාවික හමුදාව තුළ පිහිටුවා ඇති කාර්යාලය) නියෝජ්යම අධ්යාක්ෂ Gregory Cason ප්‍රතිචාර ලිපියක් මගින් කියා සිටිනවා. කෙසේ වෙතත් 2020 වසරේ අප්රේකල් මාසයේ දී නාවික හමුදා ගුවන් නියමුවන් විසින් රූගත කරන ලද මිනිස් තාක්ෂණයෙන් ඔබ්බෙහි ඇති බව නිරීක්ෂණය කළ හැකි හඳුනා නොගත් පියාසර පියාසර වස්තු දැක්වෙන වීඩියෝ පට තුනක් රහසිගත භාවයෙන් ඉවත් කර මහජනතාවට නිකුත් කෙරුණා. ඒ ඒවා නිකුත් කරන්නට පෙර සිට ම මාධ්ය යට කාන්දු වී තිබීම නිසයි.සිත් ගන්නා කරුණ නම් The Black Vaultහි ඉල්ලීමට ප්රධතිචාර දැක්වීමේ දී තමන් සතු ව තවත් හඳුනා නොගත් ගුවන් සංසිද්ධි පිළිබඳ වන වීඩියෝපට ඇත්ද යන්න සැඟවීමට නාවික හමුදාව කිසිඳු උත්සාහයක් නොගැනීමයි. නාවික හමුදා ලේඛනාගාරයේ පැහැදිලි කළ නොහැකි UFO දර්ශන තවත් බොහොමයක් ඇති බව ප්රිසිද්ධ රහසක් වුවත් ඒවා කොපමණ පවතිනවා ද යන්න හා ඒවායින් නිරූපණය කෙරෙන්නේ මොනවා ද යන්න තවමත් අභිරහසක්.කෙසේ වෙතත් එක්සත් ජනපද හමුදාව හඳුනා නොගත් පියාසර වස්තූන් සම්බන්ධ තර්ජනය ඉතා බැරෑරුම් ලෙස සලකන බව පැහැදිලියි. 2004 වසරේ සිට එක්සත් ජනපද නාවික හමුදා නියමුවන් විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් සම්බන්ධ නිරීක්ෂණ 144ක් වාර්තා කරන ලද අතර නුදුරේ දී ඒ සම්බන්ධ ව අවධානය යොමු කෙරෙන නව කාර්යාලයක් විවෘත කිරීමට ද රජයේ අරමුදල් සැපයෙන බව නිලධාරීන් නිවේදනය කරනවා.2020 වසරේ නිල වශයෙන් මුදාහැරුණු UFO වීඩියෝ පට ත්රි ත්වය නැරඹීම සඳහා විකිපීඩියා වෙබ් අඩවිය වෙත යොමු කෙරෙන මේ සබැඳිය භාවිතා කරන්න. https://en.wikipedia.org/wiki/Pentagon_UFO_videos-තරුෂි කෞෂානිScience Alert ඇසුරෙනි