Science News චන්ද්‍රයාන් 3 අද පස්වරුවේ උඩු ගුවනට SathyaJuly 14, 2023060 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 (Chandrayaan 3) මෙහෙයුම අද පස්වරු 2.35ට අභ්‍යවකාශගත කිරීමට නියමිත ව පවතිනවා. ඒ ඉන්දියාවේ දක්ෂිණ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටා ඇති ISROට අයත් සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට, LVM3 රොකට්ටුවක් ආධාරයෙන්. චන්ද්‍රයාන් 03 විද්‍යාත්මක පර්යේෂණවල නිරත විය හැකි උපකරණ කිහිපයක් ම අඩංගු ලෑන්ඩරයකින් සහ රෝවරයකින් සමන්විතයි. සියල්ල සැලසුම් ගත පරිදි සිදු වුවහොත් එය ලබන අගෝස්තු මස අවසන් භාගයේ දී සඳෙහි දක්ෂිණ අර්ධගෝලය මත ගොඩබෑමට නියමිතයි. ඒ සඳ මත සුමට ගොඩබෑමක් කළ සිව් වෙනි රට බවට ඉන්දියාව පත් කරමින්. මෙතෙක් සඳ මතට සාර්ථක සියුම් ගොඩබැස්වීම් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව (සෝවියට් සමූහාණ්ඩු සමයේ) සහ චීනය පමණයි. ඉන්දියාව මේ තලයට ඔසවා තැබෙන්නට නියමිත ව තිබුණේ 2019 දී දියත් වූ චන්ද්‍රයාන් 2 මෙහෙයුම මඟිනුයි. නමුත් එය ගොඩබෑමට යාමේ දී සඳ මතට කඩා වැටී විනාශයට පත් වුණා. කෙසේ නමත් එම මෙහෙයුම සම්පූර්ණයෙන් ම අසාර්ථක වුණේ නැහැ. ඒ මෙහෙයුමේ ම කොටසක් වූ චන්ද්‍රිකාව සඳ වටා කක්ෂගත කරන්නට හැකි වූ නිසයි. කෙසේ නමුත් මෙවර දියත් කෙරෙන තුන් වැනි චන්ද්‍රයාන් මෙහෙයුමේ ඔර්බිටර් චන්ද්‍රිකාවක් අඩංගු වන්නේ නැහැ. ලෑන්ඩරය සහ රෝවරය ගොඩබැසීමෙන් අනතුරුව චන්ද්‍ර දිනයක (පෘථිවි දින 14ක්) කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමන් සිය ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. Space.com ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි