වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2023

2023 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය (Nobel Prize in Physiology or Medicine) කැතලින් කරීකෝ (Katalin Karikó) සහ ඩෘෘ වෙයිස්මාන් (Drew Weissman) වෙත පිරිනමනු ලැබුණා. ඒ Covid-19 මැඩ පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ mRNA වැක්සීනවල වැඩි දියුණු කිරීම සඳහා අතිශය ඉවහල් වූ නියුක්ලියෝසයිඩ නවීකරණය කිරීම වෙනුවෙන්.

කැතලින් හා වෙයිස්මාන් ඔවුන්ගේ සොයාගැනීම් මුලින් ම පළ කර තිබුණේ 2005 වසරේ දී වුවත් එවක ඊට වැඩි අවධානයක් ලැබී තිබුණේ නැහැ. නමුත් පසුගිය කෝවිඩ් වසංගත සමයේ වැක්සීන නිර්මාණය කිරීම සඳහා පදනම වැටී තිබුණේ ඔවුන්ගේ සොයාගැනීම් මතින් බවයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා ‘මිනිස් ප්‍රතිශක්තීකරණ පද්ධතිය සමග mRNA සහසම්බන්ධතා ඇති කරගන්නා ආකාරය ගැන අප තුළ පැවැති වැටහීම මුළුමනින් ම වෙනස් කළ අද්විතීය සොයාගැනීම්’ සිදු කර ඇති බව ප්‍රකාශ කරමින් නොබෙල් ත්‍යාග කමිටුව ඔවුන් වෙත ප්‍රශංසා පුද කළා.

ත්‍යාගයට හිමි මුදල වන ස්වීඩන් ක්‍රොනර් මිලියන 11 මුදල ද ඔවුන් වෙත පිරිනැමුණු අතර එය සම සේ දෙදෙනා අතර බෙදී යනු ඇති.

Related posts

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි