නොබෙල් ත්‍යාගය 2024 – කායික හෝ වෛද්‍ය විද්‍යා

2024 වසරේ කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥ වික්ටර් ඇම්බ්‍රොස් (Victor Ambros) සහ ගැරී රෆ්කන් (Gary Ruvkun) විසින් දිනාගනු ලැබ තිබෙනවා. ඒ මයික්‍රො RNA සහ ජාන නියාමනය කෙරෙහි එහි ඇති වැදගත්කම සොයාගැනීම වෙනුවෙන්.

“ඔවුන් කළ සොයාගැනීම මඟින් මිනිසුන් ද ඇතුළු ව බහුසෛලික ජීවීන්ගේ ජාන නියාමනය කෙරෙහි වැදගත් වන, මෙතෙක් හෙළි නො වූ අලුත් ම මූලධර්මයක් හෙළි කරනු ලැබුවා.” නොබෙල් කමිටුව විසින් හේතුපාඨය ලෙස නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

ඇම්බ්‍රෝස් මීට අදාළ සිය පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ දීයි. ඔහු මේ වන විට මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ චෑන් වෛද්‍ය විද්‍යාලයේ ස්වභාවික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

රෆ්කන් සිය පර්යේෂණ කටයුතු සිදු කර තිබෙන්නේ මැසචුසෙට්ස් මහ රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ සිටයි. ඔහු මේ වන විට හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ ⁣ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

Related posts

පෝලන්තයෙන් හමුවූ වසර 400ක් පැරණි ‘වැම්පයර් කත’ ගේ භූමදානය ගැන වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මකයි

ලොව ප්‍රථම වරට පිඹුරෙකුට සාර්ථකව පිළිකා ප්‍රතිකාරයක්

ක්ෂීරපථයේ වේගවත්ම තාරකාව සොයා ගැනේ