Science News නොබෙල් ත්‍යාගය 2024 – භෞතික විද්‍යා SathyaOctober 8, 20240250 views 2024 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ජෝන් ජේ. හොප්ෆීල්ඩ් (John J. Hopfield) සහ පරිගණක විද්‍යාඥ ජොෆ්‍රි ඊ. හින්ටන් (Geoffrey E. Hinton) විසින් දිනාගනු ලැබ තිබෙනවා. ඒ යන්ත්‍ර ඉගෙනුම සහ කෘත්‍රිම බුද්ධිමය නියුරල් ජාලවල (neural networks) හඳුන්වා දීම අරභයා සිදු කරන ලද මූලික සොයාගැනීම් අගය කරමින් බව නොබෙල් කමිටුවේ හේතුපාඨයේ දැක්වෙනවා. කමිටුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ අද වන විට දියුණු තලයකට පැමිණ ඇති යන්ත්‍ර ඉගෙනුමට (machine learning) පදනම දැමූ මූලික ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම සඳහා ඔවුන් භෞතික විද්‍යාත්මක මෙවලම් උපයෝගී කරගෙන තිබෙන බවයි. මේ වන විට ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන හොප්ෆීල්ඩ්, රටාවන් ධාරණය කර තබා ගත හැකි සහ ප්‍රතිනිර්මාණය කළ හැකි මතකයක් නිර්මාණය කිරීමට සමත් ව තිබුණා. එය Hopfield network නම් කර තිබෙනවා. හින්ටන් Hopfield network පදනම ලෙස යොදා ගනිමින් Boltzmann machine නමින් යුතු නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. එයට යම් දත්ත අංගයක ලාක්ෂණීක හඳුනාගැනීමේ හැකියාව ලැබී තිබුණා. මේ ක්‍රමවේදය මඟින් ඡායාරූප වර්ගීකරණය කිරීමටත්, දෙන ලද රටා උදාහරණයට ගනිමින් නව රටා තැනීමටත් හැකියාව ලැබී තිබුණා. හින්ටන් මේ වන විට කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.