ලොව ප්‍රථම ලී චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරෙයි

අභ්‍යවකාශයේ අපද්‍රව්‍ය එක් රැස්වීම අවම කරීමේ අරමුණින්, දැවයෙන් සකසන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාව සාර්ථක ලෙස අභ්‍යවකාශගත නැවතුම්පොළ වෙත පිටත්කර තිබෙනවා. ඒ ඉකුත් ද කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ඉහළ නැඟුණු SpaceX රොකට්ටුවක ආධාරයෙන්.

මේ ක්ෂුද්‍ර චන්ද්‍රිකාව නිර්මාණය කළ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් සඳහන් කරන්නේ චන්ද්‍රිකාවේ ආයුකාලය අවසන් වීමෙන් පසු කක්ෂයෙන් පහළට විත් වායුගෝලයේ ගැටී අනෙකුත් චන්ද්‍රිකා මෙන් ලෝහමය අංශු විසුරුවා නො හරිමින් එය මුළුමනින් ම දැවී යන බවයි.

විශ්‍රාම ගන්වන ලද චන්ද්‍රිකා ඉහළ වායුගෝලයේ දැවී යන විට ශේෂ වන අපද්‍රව්‍ය සහ ලෝහමය අංශු අභ්‍යවකාශයේ පරිසරය වඩාත් අනතුරුදායක කරනවා මෙන් ම එහි සිට පොළොව සමඟ පවත්වාගෙන යන සන්නිවේදන සබඳතාවලට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා. ලීයෙන් චන්ද්‍රිකා තැනීමට ඔවුන් පෙළඹී ඇත්තේ මේ තත්ත්වය මඟහරවා ගැනීමේ අපේක්ෂාවෙන්.

LignoSat ලෙස නම් කර ඇති මේ ක්ෂුද්‍ර චන්ද්‍රිකාව ඝනකයක පෙනුමෙන් යුතු අතර සෑම මුහුණතක ම දිග සහ පළල සෙන්ටිමීටර 10 බැගින් වනවා.

LignoSatහි නිපදවීමේ ලා සුවිශේෂ වැඩ කොටසක් කළ Sumitomo Forestry සඳහන් කළේ එය මේ වන විට සාර්ථක ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යවා ඇති බවයි. තවත් මාස කිහිපයක ඇවෑමෙන් එය එහි සිට කක්ෂගත කෙරෙනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

The Guardian

සෞන්දර්ය සෙනරත්

Related posts

ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන්

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක

කොලොම්බස්ගේ ආගමනයට පෙරත් ඇමරිකාවේ ස්කාලට් උණ තිබිලා