Starlinkට යුරෝපයෙන් තරගකරුවෙක්

යුරෝපානු සංගමය ඊලෝන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සැපයුමට අභියෝග කරමින් චන්ද්‍රිකා 290ක පොකුරක් අභ්‍යවකාශගත කිරීම සඳහා යුරෝ බිලියන 10ක වැඩසටහනක් නිවේදනය කර තිබෙනවා.

මේ පොකුරේ අරමුණ වශයෙන් දැක්වෙන්නේ ඉහළ යමින් පවතින සයිබර් අවදානම් හමුවේ යුරෝපීය හමුදාවන් සහ රජයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. එය Iris2 ව්‍යාපෘතිය ලෙස නම් කර තිබෙනවා. ඉන් මස්ක්ගේ Starlink චන්ද්‍රිකා ජාලය වැනි වාණිජමය අන්තර්ජාල සේවා ලබාගන්නට බලා‌පොරොත්තුවෙන් සිටින අයට විකල්පයක් ද සැපයෙනවා.

බලධාරීන් සඳහන් කර ඇති පරිදි යුරෝපානු සංගමයේ Iris2 සඳහා අත්වැල් බැඳගැනීමට එක්සත් රාජධානිය මෙතෙක් ඉල්ලීමක් සිදු කර නැහැ.

මධ්‍යම පෘථිවි කක්ෂ සහ පහළ පෘථිවි කක්ෂවල රඳා පැවතිය හැකි චන්ද්‍රිකා වර්ග දෙකකින් Iris2 පොකුර සමන්විත වනු ඇති. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ 2030 වන විට රාජ්‍ය සහ වාණිජ්‍යමය කටයුතු සඳහා අන්තර්ජාලය මේ ඔස්සේ ලබාගැනීමටයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට