ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය

Commonwealth Fusion Systems (CFS) නමැති ඇමරිකානු නව බලශක්ති සමාගමක් වාණිජ්‍යමය න්‍යෂ්ටික විලයන බලාගාරයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. පසුගිය දා සමාගම විසින් නිවේදනය කරන ලද පරිදි ඔවුන් මෙය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ වර්ජිනියාවේ, චෙස්ටර්ෆීල්ඩ්හි පිහිටි James River Industrial Park නම් වන කර්මාන්ත උද්‍යානයේ බිම් කොටසක්.

ACR ලෙස නම් කර ඇති යෝජිත බලාගාරය 2030 වන විට සක්‍රීය භාවිතයට එක් කිරීමට සමාගම බලාපොරොත්තු වනවා. ඔවුන් පවසන්නේ එය බලශක්ති සැපයුම් ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරනු ඇති බවයි.

“මේක ඓතිහාසික මොහොතක්. 2030 දශකයේ මුල් භාගය වන විට වාණිජ්‍යමය න්‍යෂ්ටික විලයන බලශක්තියේ උපත සිදු වූ තැන හැටියට සියල්ලන්ගේ ම ඇස් වර්ජිනියාවේ චෙස්ටර්ෆීල්ඩ් වෙත යොමු වෙලා තිබේවි.” CFS හි ප්‍රධාන විධායක නිලධාරියා මෙන් ම සම නිර්මාතෘවරයෙකු ද වන Bob Mumgaard සඳහන් කරනවා.

ඉන් මෙගාවොට් 400ක විදුලියක් නිපදවෙන අතර, නිවෙස් 150,000ක් පමණ ආලෝකවත් කිරීමට හැකි වනු ඇතැ යි ගණන් බලා තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?