Euclid අයින්ස්ටයින් මුදුවක් දකී

Euclid අභ්‍යවකාශ යානය ‘Einstein ring’ හෙවත් අයින්ස්ටයින් මුදුව ලෙස හැඳින්වෙන දුර්ලභ සංසිද්ධියක් කැමරා වට හසුකරගන්නට සමත් ව තිබෙනවා.
එම ඡායාරූපය කේන්ද්‍ර වන්නේ NGC 6505 ලෙස හැඳින්වෙන මන්දාකිණියයි. එම මන්දාකිණිය වටා දීප්තිමත් මුදුවක් වැනි මනස්කාන්ත ආලෝක වළල්ලක් සෑදී ඇති අයුරු දැකිය හැකියි. මෙසේ වළල්ලක් ආකාරයෙන් පෙනෙන්නේ NGC 6505 මන්දාකිණියට හරියට ම පිටුපසින්, දුරින් පිහිටී ඇති වෙනත් මන්දාකිණියකින් නික්මෙන ආලෝකයයි. පසුතලයේ ඇති අභ්‍යවකාශ වස්තුවකින් නික්මෙන ආලෝකය පෙරතලයේ ඇති වස්තුවක ගුරුත්වයෙන් වර්තනයට ලක් ව මුදු ආකාර ලෙස දර්ශනය වීම අයින්ස්ටයින් මුදුව ලෙස හැඳින්වෙනවා.

“මේක සුන්දර, අද්විතීය, ප්‍රීතිජනක මෙන් ම වාසනවන්ත සොයාගැනීමක් වුණා.” එක්සත් රාජධානියේ ඕපන් යුනිවර්සිටිහි මහාචාර්ය, තාරකාවිද්‍යාඥ Stephen Serjeant පවසනවා. “මේ තරම් පරිපූර්ණ අයින්ස්ටයින් මුදුවක් අතිශයෙන් ම දුලබයි. මෙයින් කාලාවකාශය ඔස්සේ නැම්මකට ලක් වන පසුපසින් පිහිටි මන්දාකිණිය දැකබලා ගැනීමට ලැබෙනවා.”

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි