ක්ෂීරපථ-ඇන්ඩ්‍රොමීඩා ගැටුමේ සම්භාවිතාව 50% දක්වා පහතට

ක්ෂිරපථ චක්‍රාවාටය සහ ඇන්ජොමීඩා චක්‍රාවාටය අතර සිදු වීමට නියමිත ඝට්ටනය එහෙම්පිටින් ම සිදු නො වීමට ද ඉඩ ඇති බව තාරකාභෞතික විද්‍යාඥයන් පවසනවා.

ඔවුන් නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ අදින් වසර බිලියන 10කට පසු සිදු වේ යැ යි විශ්වාස කෙරෙන සර්පිලාකාර මන්දාකිනි ද්විත්වය එකිනෙක ගැටී⁣මේ සම්භාවිතාව 50%ක් දක්වා අවම වී ඇති බවයි. එය කාසියේ වාසිය උරගා බලන නිට ඇති වන සම්භාවිතාවට සමාන වන අතර ගැටීම සිදු වීමට 50%ක සම්භාවිතාවකුත් සිදු නො වීමට 50%ක සම්භාවිතාවකුත් හිමි ව තිබෙනවා.

⁣”පෙනෙන්නට තිබෙන්නේ අපගේ මන්දාකිනියේ අනාගත ඉරණම පිළිබඳ වන ප්‍රකාශයන් අති⁣ශයෝක්තියෙන් යුතු බවයි.” ෆින්ලන්ත ජාතික පර්යේෂණ කණ්ඩායම Nature Astronomy වෙත සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ නවතම අනාවැකිය මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය කෙරෙහි සිතූ තරම් අකාරුණික වන්නේ නැති බවයි. “කෙසේ නමුත් එහි වාසිය දකින්න අපි ජීවතුන් අතර ඉන්න එකක් නෑ.” පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ වන හෙල්සිංකි විශ්වවිද්‍යාලයේ Till Sawala සඳහන් කරනවා.

දැනටමත් වසර බිලියන 4.5ක් වියැති සූර්යයා තවත් වසර බිලියන 5කින් ශක්තිය අවසාන වීමෙන් මරණයට පත් වනවා. ඊට පෙර එහ රතු යෝධ තරුවක් ලෙස වර්ධනය වී බුද සහ සිකුරු ගිලගන්නා්නා අතර, පෘථිවිය ගිල නො ගත්තත් ඒ වන විට පෘථිවිය ජීවයට නො සෑහෙන සේ දැවී ගොස් තිබෙනු ඇති.

පර්යේෂකයන් ක්ෂීරපථයේ සහ ඇන්ඩ්‍රොමීඩාවේ ඉරණම සමාකරණය කිරීම සඳහා NASAහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ ESAහි ගායා යානයේ දත්ත උපයෝගී කරගෙන තිබෙනවා.

Associated Press ඇසු⁣රෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි