ජපානයේ H-2A රොකට්ටුව විශ්‍රාම යයි

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යොෂිනෝබු දියත් කිරීීීම් සංකීර්ණයෙන්.

Greenhouse Gas and Water Cycle Observation Satellite හෙවත් GOSAT-GW හි කාර්යභාරය වන්නේ හරිතාගාර වායු සහ ජල චක්‍රයේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි. ජපානය විසින් මින් පෙර ද අවස්ථා ගණනාවක දී මෙකී විෂයේ ලා නිරීක්ෂණ කටයුතු සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශ ගතකොට තිබෙනවා.

GOSAT-GW චන්ද්‍රිකාව දියත් කරමින් H-2A රොකට්ටුව සිදු කළ සිය 50 වැනි පියාසැරිය එහි අවසාන පියාසැරිය ද වනවා. JAXA වෙනුවෙන් මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් තනන ලද H-2A මෙලෙම විශ්‍රාමගත වන්නේ වසර 24ක කාලයක් සේවය සලසාදීමෙන් පසුවයි.

එය මුලින් ම මෙහෙයුම් සඳහා යොදාගැනුණේ 2001 වසරේයි. මේ වසර ගණනාවට ම එය අසාර්ථක වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර, 98%ක සාර්ථක අගයක් ඉන් වාර්තා වී තිබෙනවා.

Space.com ඇසු⁣රෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

ලොව පැරණිතම නෞකා සුන්බුන් තුර්කි වෙරළට ඔබ්බෙන් හමු වෙයි

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම