Science News කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට 63 වසරක් සපිරේ SathyaJuly 2, 2025063 views ඊයේ දිනට NASA ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kennedy Space Center) ස්ථාපනය කොට වසර 63ක් සපිරුණා. ෆ්ලොරිඩාහි නැඟෙනහිර වෙරළට මුහුණලා ඉදිවූ මේ සංකීර්ණය 1962 ජුලි 01 දා විවෘත කෙරුණේ ‘දියත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය’ යන අරුත දෙන ‘Launch Operations Center’ යන නමින් යුතු වයි. 60 දශකය නිමා වීමට පෙර ඇමරිකානු ගගනගාමීන් සඳමතට ගොඩබසින බව ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ජාතිය හමුවේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සඳහා අවැසි Saturn V රොකට්ටුව දියත් කිරීමට කේප් කැනැවරල්හි තබූ දියත් කිරීමේ පුවරු ප්‍රමාණවත් නොවන බව NASA බලධාරීන්ට පෙනී ගියා. ඒ අනුව සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටි Merit Islandහි නව දියත් කිරීමේ සංකීර්ණය ඉදිකිරීමට පියවර ගැනුණා. 1960 ගණන්වල සිට, මෙම අභ්‍යවකාශ තොටුපළ එක්සත් ජනපදයෙන් උඩුගුවනට පිවිසෙන සියලු ම නියමු අභ්‍යවකාශ ගමන් සඳහා සත්කාරකත්වය ලබා දී ඇති අතර, ඊට ඇපලෝ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් සහ අභ්‍යවකාශ ෂටල ගුවන් ගමන් 135ක් ඇතුළත් වනවා. සෞන්දර්ය සෙනරත්