ආලෝක වර්ෂ 1,400ක් දුරින් පෙනෙන “විශ්ව වවුලා”

ඔබට පෙනෙන මේ දසුන මඟින් පෙන්නුම් කරන්නේ, ‘The Cosmic Bat’ නමින් ද හැඳින්වෙන LDN 43 යනුවෙන් නාමකරණය වී ඇති අඳුරු නිහාරිකාවයි (Dark Nebula).

ඔපියුකස් (Ophiuchus) තාරකා මණ්ඩලය තුළ පිහිටන මෙම නෙබියුලාව පසුබිමේ ඇති තරුවලින් එන ආලෝකය අවහිර කිරීමට තරම් සමත් වන ඝනත්වයෙන් ඉතා වැඩි ද්‍රව්‍යවලින් සමන්විත වනවා.

මෙම නිහාරිකාව හෙවත් වායු හා දූවිලි වලාව වටා ඇති LBN 7 නම් දීප්තිමත් පරාවර්තක නීහාරිකාව (Reflecting Nebula) ද ඡායාරූපය තුළින් ඔබට දැකිය හැකියි.

LDN 43 යන අඳුරු නිහාරිකාව තුළ ධූමකේතුකාකාර නීහාරිකාවන් (Cometary Nebula) දෙකක් වන GN 16.31.3 සහ GN 16.31.7 ද ඇති බව සොයාගෙන තිබෙනවා.

ඔපියුකස් තාරකා මණ්ඩලය තුළ පියාඹමින් සිටින වවුලෙකුගේ පෙනුම ඇති LDN 43 අඳුරු නිහාරිකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,400ක් දුරින් පිහිටන අතර එය ආලෝක වර්ෂ 12ක පරාසයක් පුරා විහිදී තිබෙනවා.

චිලී රාජ්‍යයේ පිහිටා ඇති Observatorio El Sauce නිරීක්ෂණාගාරයේ මාක් හැන්සන් සහ මයික් සෙල්බි දෙදෙන විසින් මෙම අපූර්වතම ඡායාරූපය ලබාගෙන තිබෙනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට