ISS වෙත සැපයුම් රැගෙන ගිය Progress 93

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ට පසුගිය දා තවත් නව සැපයුම් තොගයක් හිමිවුණා. ඒ රුසියාවේ Progress 93 සැපයුම් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමත් සමඟයි.

රුසියාවේ සැපයුම් යානාවක් වන Progress 93, රුසියාවේ බයිකනූර් කොස්මෝඩ්‍රෝම් හි සිට සොයුස් රොකට්ටුවකින් ගුවන් ගත වීමෙන් දින දෙකකට පසු, සැප්තැම්බර් 13 දා නැඟෙනහිර වේලාවෙන් වේලාවෙන් පස්වරු 1:23 ට (1723 GMT) අභ්‍යවකා මධ්‍යස්ථානයේ ස්වෙස්ඩා මොඩියුලය සමඟ ඈඳීම සිදුවුණා.

මෙම හමුව සිදු වූයේ, යානා දෙක ම කසකස්තානයේ ඊසානදිගින් සැතපුම් 260 (කිලෝමීටර 418) ඉහළින් පියාසර කරමින් සිටියදීයි.

NASA ආයතනයට අනුව, ISS හි සිටින වත්මන් Expedition
73 මෙහෙයුමේ ගගනගාමීන් සඳහා ටොන් 2.8ක ආහාර, ඉන්ධන සහ වෙනත් භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා. මෙම භාණ්ඩ ප්‍රවාහන යානාව ISS හි මාස හයක් පමණ රැඳී සිටිනු ඇති අතර, ඉන් පසු නික්මී, පෘථිවිය දෙසට ආපසු පැමිණ, අපගේ ග්‍රහලෝකයේ දී දැවී විනාශයට පත් වීමට නියමිතයි.

නිම්නා අමරසේකර

 

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්