2025 නොබෙල් ත්‍යාගය – භෞතික විද්‍යා

2025 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ක්ෂේත්‍රයේ සිදු කළ සුවිශේෂ සොයාගැනීම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා තිබෙනවා.

ඒ අනුව “විද්‍යුත් පරිපථයක සාර්ව ක්වොන්ටම් යාන්ත්‍රික උමංකරණය සහ ශක්ති ප්‍රමාණකරණය සොයාගැනීම වෙනුවෙන්” (macroscopic quantum mechanical tunnelling and energy quantization) ජෝන් ක්ලාක් (John Clarke), මිෂෙල් ඩෙවොරෙට් (Michel Devoret) සහ ජෝන් මාටිනිස් (John Martinis) හට මෙම ත්‍යාගය හිමි වන බව නොබෙල් කමිටුව අද පස්වරුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති ස්ටොක්හෝම්හි පැවති නොබෙල් ත්‍යාග නිවේදන උත්සවයේ දී නිවේදනය කළා.

“ක්වොන්ටම් ලෝකයේ විකාරරූපී ගුණාංග, අතින් අල්ලා ගත හැකි තරම් විශාල පද්ධතියකට කැටිකළ හැකි බවට” පෙන්නුම් කිරීම වෙනුවෙන් නොබෙල් කමිටුව මෙම සම්මානලාභීන් අගැයීම සිදු කළා.

ඒ අනුව ත්‍යාගයට හිමි ස්වීඩන් ක්‍රොනර් මිලියන 11ක මුදල ඔවුන් තිදෙනා අතර සම සේ බෙදී යනු ඇති.

ගිය වසරේ දී, මෙම ත්‍යාගය, “AI හි ගෝඩ්ෆාදර්” ලෙස හැඳන්වෙන ජෙෆ්රි හින්ටන් හට සහ ජෝන් හොප්ෆීල්ඩ් හට, පිරිනැමුණා. ඒ අද භාවිත වන කෘත්‍රිම බුද්ධියේ අභිවෘද්ධියට මඟ පෑදූ යන්ත්‍ර ඉගෙනුම පිළිබඳ කළ මූලික සොයාගැනීම් වෙනුවෙන්.

Related posts

ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති

එල් නිනෝ නිසා ඉදිරි මාස හය තුළ ගෝලීය මරණ 450,000ක්

බ්‍රිතාන්‍යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන්