ගුවන් මෙහෙයුම්වලට ඩ්‍රෝන යානා බාධාවක් – ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

හෙලිකොප්ටර් යානා යොදාගෙන ගලවාගැනීමේ සහ ආවේක්ෂණ මෙහෙයුම් සිදුකරන ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා දැනුම් දෙනවා. අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙහෙයුම් අතරවාරයේ ගුවන් යානා ඉතා පහළ උන්නතාංශයකින් ගමන් කරන බැවින්, ඩ්‍රෝන යානා සමඟ ගැටීමෙන් අනතුරු ඇති වීමේ අවදානමක් ඇති බවයි.

ඊයේ (30) සන්ධ්‍යාවේ ලුණුවිල ප්‍රදේශයේ දී නියමුවාට මරු කැඳවමින් සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරට ඩ්‍රෝන යානයක සම්බන්ධයක් නැතත්, ඉදිරියේ දී මතුවිය හැකි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඩ්‍රෝන යානා පියාසර කිරීම සම්බන්ධයෙන් නිසි අනුමැතිය ලබාගත යුතු ක්‍රියා පටිපාටියක් ඇතත්, ආපදා සමයේ ඊට පරිබාහිර ව ද පියාසර කිරීම් සිදු වන බව නිරීක්ෂණය කළ හැකියි. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ අවට හෙලිකොප්ටර් යානා සැරිසරන බව නිරීක්ෂණය වන විට ඩ්‍රෝන යානා පියාසර කරවීමෙන් වැළකී සිටින ලෙසයි.

Related posts

ක්ෂීරපථයේ වේගවත්ම තාරකාව සොයා ගැනේ

ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

ජනප්‍රිය ගීත ඇල්බම නිකුත් වන දිනවල දී මාරක රිය අනතුරු ඉහළ යන බව හෙළිවෙයි