Artemis II ගගනගාමීහු පැය හතරක නින්දක් ලබාගනිති

දියත් කිරීමෙන් පැය නවයක් ගත වූ තැන Artemis ගගනගාමීන් නින්දක් ලබා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටිනවා.

නියමිත පරිදි ක්‍රියා නො කරන පෞද්ගලික පරිගණන යන්ත්‍රයකට අදාළ තාක්ෂණික සහාය ලබාගැනීමෙන් අනතරු ව මෙහෙයුමේ අණ දෙන නිලධාරී රීඩ් වයිස්මන් පාලන මධ්‍යස්ථානයෙන් විමසා සිටියේ ‘නිදාගන්නා ඇදුම්’ (comfort garments’) අසුරා ඇති ස්ථානය පිළිබඳවයි.

ඒ අනුව ගගනගාමීන් සිව් දෙනා යානයේ විවේක ගැනීම සඳහා වෙන්කර ඇති ස්ථානය වෙත ගොස් පැය හතරක පමණ නින්දක් ලබාගැනීමට නියමිතයි. ඉන් පසු යළි අවදි වී පෘථිවියේ සිට උපරිම දුර කිලෝමීටර 70,000 වන පරිදි අතිශය ඉලිප්සාකාර කක්ෂයකට අවතීර්ණ වීම සඳහා කෙරෙන භූ දුරක දහනය සිදුකිරීමට නියමිත අතර, අනතුරුව තවත් පැය හතරක පමණ නින්දකට අවතීර්ණ වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් පසු උදාවන්නේ පියාසැරියේ දෙවැනි දිනයයි.

මේ වන විට ෆ්ලොරීඩාහි වේලාව පෙරවරු 3 පසු වී විනාඩි 50යි.

Related posts

Artemis II මෙහෙයුමෙන් අලුත් වන වාර්තා

Artemis II දියත් කිරීමේ වගකීම දැරූ NASA ඉතිහාසයේ ප්‍රථම දියත් කිරීම් අධ්‍යක්ෂවරිය

ඔරායන් කැප්සියුලය දොරගුළු දැමේ