ක්ෂීරපථයේ වේගවත්ම තාරකාව සොයා ගැනේ

The Event Horizon Telescope (EHT) collaboration, who produced the first ever image of our Milky Way black hole released in 2022, has captured a new view of the massive object at the centre of our Galaxy: how it looks in polarised light. This is the first time astronomers have been able to measure polarisation, a signature of magnetic fields, this close to the edge of Sagittarius A*. This image shows the polarised view of the Milky Way black hole. The lines overlaid on this image mark the orientation of polarisation, which is related to the magnetic field around the shadow of the black hole.

අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ ඇති අධි ස්කන්ධ කළු කුහරය වන Sagittarius A* වටා කක්ෂගත ව පවතින, මෙතෙක් හඳුනාගත් වේගවත් ම තාරකාව නිරීක්ෂණය කිරීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඔවුන් සොයාගෙන ඇත්තේ S301 ලෙස නම් කර ඇති මෙම තාරකාව තත්පරයකට කිලෝමීටර් 25,000ක පමණ අතිශය අධික වේගයකින් ගමන් කරන බවයි. එනම් එය සාමාන්‍ය මගී ගුවන් යානයකට වඩා ලක්ෂ ගුණයක් පමණ වේගවත් වනවා. එසේ ම මෙය ක්ෂීරපථයේ මධ්‍යයේ ඇති ‘Sagittarius A*’ නමැති ප්‍රධාන කළු කුහරයට ආසන්නයෙන්ම පිහිටි තාරකාව ද වනවා.

ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ මෙම අධ්‍යයනයට අදාළ පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන කතුවරයෙකු වන ෆීලික්ස් මැන්ග් පවසන පරිදි, මෙම තාරකාවට කළු කුහරය වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන්නේ වසර 8.7ක සුළු කාලයක් පමණයි. එය පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 12 ගුණයක් තරම් ආසන්න දුරකින් කළු කුහරය අසලින් ගමන් කරමින් පවතිනවා.

Nature ජර්නලයේ පළ වී ඇති මෙම අධ්‍යයනයට අනුව, තාරකාවේ මෙම ආසන්න පිහිටීම හේතුවෙන් කළු කුහරයක මූලික ලක්ෂණ සහ ඒ අවට ඇති අන්ත පරිසරය පිළිබඳ නව තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වනවා. විශේෂයෙන් ම, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ න්‍යායන් පරීක්ෂා කිරීම සඳහා මෙන් ම කළු කුහරයේ භ්‍රමණ වේගය සෘජුවම මැන බැලීම සඳහා ද මෙය කදිම අවස්ථාවක් වනු ඇතැ යි මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය ස්ටෙෆාන් ගිලෙසන් සඳහන් කරනවා.

විද්‍යාඥයින් විසින් S301 තාරකාවේ ගමන් පථය 2017 වසරේ සිට නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර, 2031 වසරේ දී මෙම තාරකාව නැවතත් කළු කුහරයට වඩාත් ම ආසන්න වන අවස්ථාවේ දී ලබාගන්නා දත්ත මඟින් ඉදිරි වසර 10 ඇතුළත කළු කුහරයේ භ්‍රමණය පිළිබඳව නිවැරැදි නිගමනයකට පැමිණීමට ඔවුන් අපේක්ෂා කරනවා.

මෙම තාරකාව කළු කුහරයට කොතරම් සමීප වුවද, එය කළු කුහරයේ සිදුවීම් ක්ෂිතිජය (event horizon) පසුකර ඒ තුළට ඇද වැටෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවද පර්යේෂකයන් පවසනවා.

මෙම නිරීක්ෂණයට සම්බන්ධ නොවූ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය සිරි යූන්සි ප්‍රකාශ කරන්නේ, ආලෝකයේ වේගයෙන් 8% ක පමණ උපරිම වේගයකින් ගමන් කරන මෙම තාරකාව පිළිබඳව සොයාගැනීම ක්ෂීරපථයේ පරිණාමය අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අතිශය වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වන බවයි.

Related posts

ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

ජනප්‍රිය ගීත ඇල්බම නිකුත් වන දිනවල දී මාරක රිය අනතුරු ඉහළ යන බව හෙළිවෙයි

විශ්වයේ අතීතය සොයා බැලීම බ්‍රිතාන්‍යය සඳේ අඳුරු කලාපයට