ඩේවිඩ් ඇටෙන්බරෝගේ Our Planet II අද සිට Netflix තුළින්

මීට පෙර 2019 වසරේ දී කථාංග 8 කින් සමන්විත ව ඩේවිඩ් ඇටෙන්බරෝ විසින් Netflix ඔස්සේ ලොව හමුවට පැමිණි Our Planet පළමු කතා මාලාවේ දෙවැනි දිගහැරුම 2023 වසරේ ජූනි මස 14 වෙනි අද දින විකාශය ඇරඹීමට නියමිත ව තිබෙනවා.
Our Planet season 1 තුළින් ඩේවිඩ් ඇටෙන්බරෝ කතා කළේ පෘථිවියේ දේශගුණික වෙනස්වීම් සහ එය ඉදිරි දශකවල දී විවිධ සත්ත්ව විශේෂවලට ඇති කරනු ලබන බලපෑම් පිළිබඳවයි.
පසුගිය මැයි මස 8 වැනි දින සිය ජීවිතයේ 97 වැනි වියට එළඹුණු ඩේවිඩ් ඇටෙන්බරෝ මෙවර Netflix තුළින් Our Planet season II ඉදිරිපත් කරන්නේ කථාංග 4 කට පමණක් සීමා වෙමිනුයි.

මේ Our Planet II මඟින් අපේ ග්‍රහලොව මත සත්ත්වයින් පර්යටනය සිදු කරන ආකාරයන් සහ එයට හේතුවන කරුණු අනාවරණය කෙරෙනවා.
මේ පර්යටනයන් අප්‍රිකාව, ඉන්දියාව, චීනය, ආක්ටික් පෙදෙස් ඇතුළු ලොව බොහෝ ප්‍රදේශවල සිදු වන ආකාරය මෙහි දී දිගහැරෙනු ඇති.

Netflix මඟින් තනනු ලැබූ එක ම සොබාදම් වාර්තා වැඩ සටහන වන්නේ Our Planet කතා මාලාවයි.
2021 වසරේ මාර්තු මස වන විට එහි පළමු අදියර නරඹා තිබූ සංඛ්‍යාව මිලියන 100ක් වුණා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට