ලූනා 25 යානය සඳ මතට කඩා වැටෙයි

රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ලූනා 25 යානය අගෝස්තු 19 සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30ට පමණ පූර්ව ගොඩබැසීම් කක්ෂයකට යොමු කිරීමට රොස්කොස්මොස් ආයතනය ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඉන් පසුව පැය 10ක පමණ කාලයක් තිස්සේ යානය සමග සන්නිවේදන සබඳතා ඇණහිට තිබුණා. යානය සඳ මත ගොඩබැසීමට නියමිත ව තිබුණේ අගෝස්තු 21 වැනි දා.
රොස්කොස්මොස් ප්‍රධානී යුරි බොරිසොෆ් ඉකුත් ජූනි මාසයේ දී ජනාධිපති පුටින්ට පවසා සිටියේ මේ මෙහෙයුම සාර්ථක කරගැනීමේ හකියාව සියයට 70ක් පමණක් විය හැකි බවයි.

ධාවක රාජසිංහ

Related posts

Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්