Science News ඉන්දීය සූර්ය ගවේෂක යානය හෙට අභ්‍යවකාශයට SathyaSeptember 1, 2023098 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කෙරෙන පළමු වැනි සූර්ය ගවේෂණ යානය වන ආදිත්‍යා L1 හෙට පෙරවරු 11:50ට අභ්‍යවකාශගත වීමට නියමිතයි. ඒ ශ්‍රීහරිකෝටා හි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට PSLV-C57 රොකට්ටුවක ආධාරයෙන්. ආදිත්‍යා L1 යානයේ අභිප්‍රාය වන්නේ සූර්ය කොරෝනාව අධ්‍යයනය කිරීමයි. එසේ ම සූර්යයාගේ වර්ණගෝලය, ප්‍රකාශගෝලය සහ සූර්ය සුළඟ ද අධ්‍යයනය කළ හැකි විද්‍යාත්මක උපකරණ ද එය සතුයි.දියත් කිරීමෙන් අනතුරුව එය පෘථිවියේ සිට කිලෝමීටර 1.5ක් දුරින් ඇති ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් වෙත පිවිසීමට නියමිතයි. ලාග්‍රාන්ජ් ලක්ෂ්‍යයක් යනු අභ්‍යවකාශ වස්තූන් දෙකක් අතර පවතින ගුරුත්වාකර්ෂණය තුලිත වන ස්ථානයක්. එවැනි ස්ථානයක යම් කිසි යානයක් දීර්ඝ කාලීන ව රඳවා තැබිය හැකියි. L1 ලක්ෂ්‍යය ලාග්‍රාන්ජ් ලක්ෂ්‍ය අතුරින් සූර්ය ගවේෂණය සඳහා අතිශය වැදගත් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙනවා. මෙම මෙහෙයුමෙන් රැස් කෙරෙන දත්ත අධ්‍යයනය කිරීම මඟින් හිරුගේ අතීතය, වත්මන සහ අනාගතය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණ කරගත හැකි බවට ඉන්දීය විද්‍යාඥයන් බලාපොරොත්තුවෙන් පසු වනවා. NDTV ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්