Science News ජේම්ස් වෙබ් දුටු ළදරු කළු කුහර SathyaMarch 14, 2024054 views NASA ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙතුවක් කලකට සිදු කළ “අනපේක්ෂිත ම සොයාගැනීම” සිදු කරන්නට සමත් වී තිබෙනවා. එනම් විශ්වයේ ඉපැරැණි තැන්හි විසිරී පවතින රතු පැහැති කුඩා තිත් වැනි දෑ ළදරු අවදියේ පසු වන අධිස්කන්ධ කළු කුහර බව සොයාගැනීමයි. ජේම්ස් වෙබ් සිදු කළ නිරීක්ෂණයන්ගේ ආධාරයෙන් ඔස්ට්‍රියාවේ Institute of Science and Technologyහි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Jorryt Mattheeගේ ප්‍රධානත්වයෙන් මෙම අධ්‍යයනය සිදු වී තිබුණා. පර්යේෂණ කණ්ඩායමේ නිගමනය වී තිබුණේ “ඉතා ම ඈත මෙන් ම පුරාණ විශ්වයේ දක්නට ලැබෙන මඳ රතු පැහැයෙන් දිස් වන රතු තිත් ළදරු අවධියේ අධිස්කන්ධ කළු කුහර” බවයි. අධ්‍යයනයට අදාළ පත්‍රිකාව පසුගිය දා The Astrophysical Journal ජර්නලයේ පළ වී තිබුණා. “මේ සුවිශේෂ වූ වස්තූන් අප කළුකුහරවල සම්භවය ගැන සිතා සිටින අයුරු වෙනස් කිරීමට ඉඩ තිබෙනවා.” Jorryt සඳහන් කරනවා. අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථය ද ඇතුළු ව සුවිශාල මන්දාකිණිවල මධ්‍යයට ආසන්න ව විසිරී පවතින මෙම ළදරු වියේ කළු කුහර සම්භවය සිදු වන්නේ කෙසේ ද යන්න ගැනත්, ඒවා වසර බිලියන ගණනක් තිස්සේ පරිණාමය වන්නේ කෙසේ ද යන්න ගැනත් දිගට ම අධ්‍යයනයේ නිරත වන්නට සූදානමින් පසු වන බව ඔහු හා කණ්ඩායම සඳහන් කරනවා. Futurism ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්