මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

දාර්ශනිකයෙකු මෙන් ම දේශපාලන වි⁣ශ්ලේෂකයෙකු ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා අද (02) පස්වරුවේ ඇමරිකාවේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය.

1944 වසරේ පානදුරේ දී උපත ලද ඔහු කොළඹ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන්, තර්ස්ටන් විද්‍යාලයෙන් සහ ⁣රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරුවේ ය. 1963 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු, ගණිතය පිළිබඳ උපාධිය ලබා ගත් අතර 1969 දී එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක භෞතික විද්‍යා ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.

මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ඇතැම් ලිපි සහ ප්‍රකාශ සමාජය තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. ඔහු ‘විදුසර’ පුවත්පතේ ආරම්භක කලාපයේ සිට ම ලේඛකයෙකු වශයෙන් දායකත්වය ලබා දුන්නේ ය.

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට