මෙතෙක් කලක⁣ට දුටු බලවත් ම භූත අංශුව ග්‍රහණය කරගැනේ

තාරකා විද්‍යාඥයන් මෙතෙක් අත්දුටු ප්‍රබලතම ‘භූත අංශුව’, නො එසේ නම් නියුට්‍රිනෝ අංශුව හඳුනාගැනීමට සමත් ව සිටිනවා. නමුත් එය පැමිණියේ කොහේ සිට දැ යි නිවැරැදි ව පැවසීමට ඔවුන් අපොහොසත්.

2023 වසරේ පෙබරවාරියේ මේ සොයාගැනීම සිදු කර තිබුණේ මුහුදට පතිත වන නියුට්‍රිනෝ අංශු ග්‍රහණය කරගැනීම සඳහා ම මධ්‍යධරණී මුහුදු පත්ලේ පිහිටුවා ඇති Cubic Kilometre Neutrino Telescope (KM3NeT) දුරේක්ෂය මඟින්. මෙකී අංශුවේ ප්‍රබලත්වය ඉලෙක්ට්‍රෝන් වෝල්ට් ක්වොඩ්‍රිලියන 220ක් පමණ වන බව ගණනය කර තිබෙනවා. එය ඉන් පෙර ග්‍රහණය කෙරුණු නියුට්‍රිනෝ අංශු මෙන් 100 ගුණයකින් පමණ විශාල අගයක් වනවා.

අංශුවේ ගමන් මාර්ගය සහ ප්‍රබලත්වය අනුව එය බොහෝවිට කොස්මික් කිරණයකින් නික්මෙන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් මේ අංශුව මෙහි එවූ අතිශය ව්‍යසනකාරී සිදුවීමේ ස්වභාවය හරිහැටි තහවුරු කරගන්නට මෙතෙක් හැකි වී නැහැ. එය දැනට KM3-230213A ලෙස නාමකරණය කර තිබෙනවා. මේ සොයාගැනීමට අදාළ අධ්‍යයන වාර්තාව පෙරේදා (12) Nature ජර්නලයේ පළ වුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට