නිල් ඇස් හිමියන්ගේ ජාන මූලය සිතුවාටත් වඩා අතීතයට ඇදී යයි

ඉතාලියේ ලෙනකින් සොයාගත්, වසර 17,000කට එපිට ජීවත් වූ දරුවකුට අයත් අස්ථි කොටස් අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ ඔහු දැනට සොයාගෙන ඇති පරිදි නිල් දෑස් හිමි ව තිබූ මුල් ම මිනිසා විය හැකි බවයි.

ජානමය විශ්ලේෂණ මඟින් දරුවාට අඳුරු පැහැ සමක් උරුම වී තිබූ බවත්, කැරලි ගැසුණු හිසකෙස් හා දීප්තිමත් නිල් දෑසක් හිමි ව තිබූ බව හෙළි වී තිබෙනවා. මේ සොයාගැනීමක් සමඟින් නිල් ඇස් ඇත්තන්ගේ ඉතිහාසය විද්‍යාඥයන් දැන සිටියාටත් වඩා ඈතට ඇදෙනවා.

නිල් ඇස් හිමි පියකරු දරුවෙකු අපගේ සිහියට නැඟුණත්, මේ දරුවා⁣ යම් අභාග්‍යසම්පන්න රෝගයකින් පීඩාවිඳිමින් සිට තිබෙනවා. විද්‍යාඥයන් පවසන්නේ උපතේ සිට ම ඔහු හෘදය අකර්මණ්‍යතාවකින් සහ කායික අකර්මණ්‍යතාවකින් පීඩා විඳිමින් සිටි බව පෙනී යන බවයි. සමස්ථල පරීක්ෂාවලින් යෝජනා කෙරෙන්නේ ඔහුගේ මව ද ඔහු කුස තුළ සිටි කාලයේ රෝගාබාධවලට ලක් ව සිටින්නට ඇති බවයි.

OCA2 ජානයේ ඇති වන විකෘතියක් හේතුවෙන් නිල් ඇස් දායාද වීම සිදුවනවා. විකෘතියෙන් සිදුවන්නේ කළු ඉංගිරියාවේ නිෂ්පාදනය වන මෙලනින් අඩු වීමයි. ඉන් ඇස්වල දුඹුරු පැහැය අඩු වී නිල් පැහැයක් ගැනීම සිදුවනවා. අද ලොව ජීවත්වන නිල් දෑස් හිමි සියල්ලන්ගේ ම ජානමය මූලය අතීතයේ මේ විකෘතිය හටගත් එක් පුද්ගලයෙකු වන අතර, මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටියේ එය අදින් වසර 6,000ත්, 10,000ත් අතර සිදුවන්නට ඇති බවයි.

⁣සෞන්දර්ය සෙනරත්

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට