චීනය විසින් පසුගිය දා දියත් කරන ලද Tianwen 2 යානය විසින් එවන ලද පළමු ඡායාරූපය මාධ්‍යයට මුදාහැර තිබෙනවා.
Tianwen 2, Long March 3B රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශගත කෙරුණේ ඉකුත් මැයි 28 වැනි දිනයි. Kamo’oalewa යනුවෙන් හැඳින්වෙන ග්‍රහකය අධ්‍යයනය කර එහි සාම්පල රැස්කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.
ඉකුත් ජුනි 06 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් චීන ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය (CNSA) තහවුරු කළේ යානය අපේක්ෂිත ක්‍රියාකාරිත්වයෙන් යුතු බව සහ මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 3ක් ඈතින් ගමන් කරමින් තිබෙන බවයි.
යානයේ ඇති කැමරාවකින් ලබාගැනුණු ඡායාරූපයක් ද CNSA විසින් මාධ්‍යයට මුදාහැරුණා. ඉන් අඳුරු පැහැති අභ්‍යවකාශය සහ යානය සතු වෘත්තාකාර ලෙස සකස් කළ සූර්ය පැනල යුග්මය දිස් වනවා.
Space.com ඇසුරෙනි.
නිම්නා අමරසේකර