Home Science News යානය කායශ්‍රමිකව හැසිරවීමේ නිරූපණය සාර්ථකව අවසන් කෙරේ

යානය කායශ්‍රමිකව හැසිරවීමේ නිරූපණය සාර්ථකව අවසන් කෙරේ

by Sathya

Artemis II ගගනගාමීන් විසින් Orion යානය කායශ්‍රමිකව පැදවීමේ නිරූපණය සාර්ථක ලෙස නිමාවට පත් කර තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් විශේෂඥයන් වන NASA ගගනගාමී ක්‍රිස්ටීනා කොක් සහ CSA ගගනගාමී ජෙරමි හැන්සන් දෙදෙනා විනාඩි 41 ක කාලයක් කායශ්‍රමික ව (manually) Orion යානය හැසිරවීම සිදු කළ අතර, six degrees of freedom සහ three degrees of freedom යනුවෙන් හැඳින්වෙන වෙනස් තෙරපුම් ක්‍රම (thruster modes) දෙකක් අත්හදා බලා තිබෙනවා. එමඟින් පොළොවේ සිටින ඉංජිනේරුවන් හට යානයේ නියමුකරණ ශක්‍යතාවන් පිළිබඳ වැඩිදුර දත්ත ලබාගැනීම අපේක්ෂා කෙරුණා.

ලබන 08 වැනි දා අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් සහ නියමු වික්ටර් ග්ලෝනර් ද යානය කායශ්‍රමික ව හැසිරවීමේ නිරූපණ සිදු කිරීමට නියමිත බව NASA වාර්තා කරනවා.

එසේ ම අභ්‍යවකාශයේ ගත කරන තුන්වන සම්පූර්ණ පෘථිවි දිනය අවසාන කිරීමට පෙර, NASAහි චන්ද්‍ර විද්‍යා කණ්ඩායම විසින් එවන ලද, සමීප පියාසැරියේ දී චන්ද්‍රයාගේ ඡායාරූපයට නැඟීමට සහ අධ්‍යයනයට බඳුන් විය යුතු ස්ථාන දැක්වෙන නාමාවලිය ද ගගනගාමීන්ගේ සමාලෝචනයට ලක් වුණා.

නැගෙනහිර වේලාවෙන් අප්‍රේල් 6 වන සඳුදා පස්වරු 2:45ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 7 වන අඟහරුවාදා පෙරවරු 12:15ට) යානය චන්ද්‍රයා වටා යන පැය හයක පමණ පියාසැරිය ඇරඹීමට නියමිත අතර Orionහි ප්‍රධාන කැබිනයේ ඇති නැරඹුම් කවුළුව චන්ද්‍රයා දෙසට හැරෙන පිරිදි පිහිටුම සකස් වීමට නියමිතයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications