ඩොලර් මිලියන 4.3කට අලෙවි වූ ලොව විශාලතම අඟහරු පාෂාණය

NEW YORK CITY, UNITED STATES - JULY 8: A rare juvenile Ceratosaurus skeleton from the Late Jurassic Era and the largest ever Martian meteorite are on view for the first time at Sotheby's before the auction on July 8, 2025, New York City, United States. A rock is expected to fetch up to $4 million as the biggest chunk of Mars on Earth. (Photo by Selcuk Acar/Anadolu via Getty Images)

පෘථිවියෙන් හමු වූ විශාලතම අඟහරු පාෂාණය ඉකුත් බදාදා නිව්යෝක් නගරයේ පැවැති වෙන්දේසියකින් ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක ලංසුවකට අලෙවි වී තිබෙනවා.

NWA 16788 යනුවෙන් නම් කර ඇති මේ අඟහරු උල්කාපාතය අප්‍රිකානු මහාද්වීපයේ ඇති නයිජර් ජනරජයේ, පිටිසර බද ප්‍රදේශයකට පතිත වී තිබිය දී සොයාගනු ලැබු⁣ණේ 2023 නොවැම්බරයේයි. බරින් කිලෝග්‍රෑම් 24.5ක් සහ ප්‍රමාණයෙන් අඟල් 15ක් දිග මේ උල්කාපාතය පොළොවේ තිබිය දී හමු වූ විශාලතම අඟහරු පාෂාණයයි. මෙය වෙන්දේසි කළ Sotheby’s වෙන්දේසි සමාගම සඳහන් කරන පරිදි ලොව ඇති දෙවැනියට විශාල ම අඟහරු පාෂාණයට වඩා මෙය 70%කින් විශාලයි.

මේ දක්වා පෘථිවියෙන් හමු වී ඇති අඟහරු පාෂාණ ගණන 400ක් පමණ අවම අගයක් ගන්නවා. ඒ අතිරින් මේ පාෂාණය අතිශය දුර්ලභ වනවා. Sotheby’s සමාගමේ විද්‍යාව සහ ස්වභාවික ඉතිහාසය පිළිබඳ උප සභාපතිනිය වන කැසැන්ඩ්‍රා හැටන් පවසන්වන්නේ මෙම විශාල පාෂාණ කොටම අඟහරු මත සිට පෘථිවිය දක්වා පැමිණීමට ඇති අතිශය විරල සම්භාවිතාව ජයගෙන ඇති බවයි. එසේ ම එය කිසි දා සොයාගත නො හැකි අන්දමින් සාගරයට පතිත වීමට ඇති 70% සම්භාවිතාව ද ජයගනිමින් පොළොව මතට වැටී තිබෙනවා.

කෙසේ නමුත් වෙන්දේසියෙන් මෙම පාෂාණය හිමිකරගත්තේ කවුරුන් ද යන්න මෙතෙක් හෙළි වී නැහැ. එම තොරතුරු රහසිගත ව සහ පෞද්ගලික ව තබාගන්නට ගැනුම්කරුවා තීරණය කර තිබෙනවා.

මෙම අඟහරු පාෂාණය වෙන්දේසි කෙරුණු වෙන්දේසියේ ම තවත් අයිතම 100කට වඩා ප්‍රමාණයක් වෙන්දේසි කෙරුණා. ඒ අතර තිබූ සෙරැටසෝරස් (Ceratosaurus) ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 26ක ලංසුවකට අලෙවි වූ අතර, පාකිසෙෆලසෝරසයෙකුගේ හිස්කබලක් ඩොලර් මිලියන 1.4ක ලංසුවකට අලෙවි කෙරුණා.

සෞන්දර්ය සෙනරත්

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?