ප්‍රථම වතාවට ‘රාජකීය තාරකා විද්‍යාඥ’ පදවිය කාන්තාවකට

ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවකට රාජකීය තාරකාවිද්‍යාඥ හෙවත් Astronomer Royal ගෞරව නාමය ප්‍රදානය කොට තිබෙනවා. සෙනසුරුගේ එන්සෙලඩස් උපග්‍රහයා මත ජීවයක් පැවතීමට ඉඩ තිබෙන බව හෙළිකරගැනීමට දායක වූ තාරකා විද්‍යාඥ මහාචාර්ය මිචෙල් ඩොහර්ටි මෙලෙස ප්‍රථම කාන්තා රාජකීය තාරකා විද්‍යාඥවරිිය ලෙස පත් වී තිබෙනවා.

වසර 350ක් පැරැණි මෙම ගෞරව නාමය මින් පෙර කිසි දිනෙක කාන්තාවක් වෙත පිරිනමා තිබුණේ නැහැ. ඉතිහාසයේ පටන් මෙම නාමය ප්‍රදානය කරනු ලැබුණේ රජ පවුලට තාරකා විද්‍යාව හා සම්බන්ධ උපදෙස් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කෙරෙන ප්‍රවීණ තාරකා විද්‍යාඥයකුටයි.

ඩොරති NASA ආයතනය සමඟ කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් එන්සෙලඩස් උපග්‍රහයාගේ සිට ජල වාශ්ප පිටතට විදින ක්ෂේපයන් හඳුනාගැනීමට හැකි වූ අතර ඉන් ජීවයට හිතකර පරිසරයක් ඇති බවට උපකල්පන ද ඉස්මතු වුණා. 2032 වසරේ බ්‍රහස්පතිගේ විශාලතම උපග්‍රහයා වන ගැනිමිඩ් වෙත ළඟා වීමට නියමිත යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) JUICE යානයට සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥවරිය ලෙස ද ඇය කටයුත කරනවා.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්