තැඹිලි පැහැති දුලබ මෝරෙක් පළමු වතාවට හමු වෙයි

ශරීර වර්ණයේ අසාමාන්‍ය තත්ත්වයක් සහිත දුර්ලභ ගණයේ මෝරෙකු කොස්ටා රීකාහි පැවති මසුන් ඇල්ලීමේ තරගයක් අතරතුර දී හමු වී තිබෙනවා. Xanthism නමැති ශරීර වර්ණය කහ පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුතු වන මෙම තත්ත්වයට මුහුණ දී සිටියේ අඩි 6.5ක දිගින් යුතු වූ Nurse Shark (Ginglymostoma cirratum) මෝරෙක්.

Xanthium තත්ත්වය මින් පෙර මසුන් විශේෂ කිහිපයකින් නිරීක්ෂණය වී තිබුණත්, මොරුන්, මඩුවන් වැන කාටිලේජ සහිත මසුන්ගෙන් වාර්තා වී තිබුණේ නැහැ. එනිසා ම මේ දුර්ලභ හමුව සුවිශේෂ වනවා.

Xanthism තත්ත්වයට අමතර ව මෙම මෝරා ඇලි තත්ත්වයකින් ද පසු වූ බව නිරීක්ෂණය වී තිබුණා. ඒ උගේ දෑස ද දීප්තිමත් සුදු පැහැයකින් දිස් වීම හේතුවෙන්.

සාමාන්‍යයෙන් Nurse shark මෝරුන් කොරල්පර සහ මුහුදු පත්ලට අනුගත වන අඳුරු පැහැයකින් යුතු වනවා.

මේ පිළිබඳව රියෝ ග්‍රාන්ඩේ විශ්වවිද්‍යාලයෙන් පළ කරන ලද අධ්‍යයන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙය විරල එක් අවස්ථාවක් ද, නැතහොත් අදාළ සාගර කලාපය තුළ වෙසෙන මෝර ගහනයේ ජානමය නැඹුරුවක් ද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි. මෝරාගේ ශරීර ස්වභාවය සහ වැඩී ඇති ප්‍රමාණය සලකා බැලීමේ දී මේ වර්ණ විපර්යාසය උගේ දිවියට අහිතකර ලෙස බලපා ඇති බවක් දිස් නොවූ බව ද අධ්‍යයනය පෙන්වා දෙනවා.

සෞන්දර්ය සෙනරත්

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්