අඟහරු සමාකරණ ගගනගාමී කණ්ඩයමට බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරියක්

අනාගත අඟහරු මෙහෙයුම් සඳහා අඟහරුගේ පරිසරයට සමාන ලෙස සකසා ඇති සමාකරණයක් තුළ වසරකට ආසන්න කාලයක් හුදකලාවෙමින් සිදු කෙරෙන පුහුණු වීමේ සැසි සිදුවෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා. මෙවැනි පුහුණු වීම්වල ඉතිහාසය තුළ පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරියක් ද මෙවර පුහුණු කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා.

ලෝරා මාරී නම් වන ඇය බ්‍රිතාන්‍යයේ ඉපිද මේ වන විට ඇමරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයක ගුවන් නියමුව⁣රියක ලෙස කටයුතු කරන අතර ඉල්ලුම්පත් 8000කට ආසන්න සංඛ්‍යාවක් අතරින් මීළඟ අඟහරු සමාකරණ පුහුණු සැසියට ඇතුළත් වීම සඳහා තෝරාගැනෙන කණ්ඩායමට තේරී පත් ව සිටිනවා.

ඇය ඇතුළු ස්වේච්ඡා පරීක්ෂණ ගගනගාමීන් සය දෙනෙකු දින 378 ක කාලයකට NASA ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මීටර 158කට සීමා වූ Mars Dune Alpha අඟහරු සමාකරණ පරිසරයේ තනි වීමට නියමිතයි.

කෙසේ නමුත් මෙම පුහුණු සැසියේ මූලික කණ්ඩායම සමන්විත වන්නේ සිව් දෙනෙකුගෙන් පමණයි. රොස් එල්ඩර්, එලන් එලිස්, මැතිව් මොන්ට්ගෝමරි සහ ජේම්ස් ස්පයිසර් යන මූලික කණ්ඩායම ඔක්තෝබර් 19 දා සමාකරණයට ඇතුළු වීමට නියමිත අතර, ලෝරා අයත් වන්නේ දෙදෙනෙකුගෙන් යුත් අතිරේක සමාකරණ අඟහරුගාමීන් යටතටයි. එනම් යම් හේතුවකින් මූලික කණ්ඩායමේ අයෙකුට පිටතට පැමිණීමට සිදු වුවහොත් එයට විකල්පයක් ලෙස පමණයි ඇයට සමාකරණයට ඇතුළත් වීමට හැකි වන්නේ.

සෞන්දර්ය සෙනරත්

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට