Home Science News මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂයට මුදාහැරේ

මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂයට මුදාහැරේ

by Sathya

මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා. එය ගොඩනඟා ඇත්තේ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සහ ජපානයේ කියුශු තාක්ෂණ ආයතනයේ සහයෝගීත්වයෙන්.

මොරටුවේ ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරන පරිදි එය එය පසුගිය අගෝස්තු 24 වැනි දා SpaceX CRS-33 සැපයුම් මෙහෙයුමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගෙන යනු ලැබ තිබෙනවා.

මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස 2019 වසරේ දී Ravana-1 අභ්‍යවකාශගත කෙරුණු අතර 2022 දී ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් පස් දෙනෙකුගේ සහයෝගිතා මෙහෙයුමක් වශයෙන් KITSUNE නැනෝ චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 2.15ට පමණ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පිහිටි ජපානයට අයත් ‘කිබෝ’ පරීක්ෂණ මොඩියුලයෙන් BIRDS-X Dragonfly සහ තවත් නැනෝ චන්ද්‍රිකා හතරක් (GHS-1, STARS-Me2, RSP-03, Atsushi Space Challenge) කක්ෂය වෙත මුදාහැරීමට නියමිතයි. මෙම අවස්ථාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනයේ (JAXA) නිල YouTube නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය වීමට නියමිතයි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications