පළමු වරට දකුණු ඇමරිකාවෙන් ශාක මැලියම් අතර සිර වූ ප්‍රාග් ඓතිහාසික කෘමීන් සොයාගැනෙයි

දකුණු ඇමරිකාවෙන් ඇම්බර්වල සිර වී ස්වභාවික ලෙස සංරක්ෂණය වී සිටි ප්‍රාග් ඓතිහාසික කෘමීන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. මෙමගින් පුෂ්පික ශාක විවිධත්වයෙන් යුතු ව පැති යාමට පටන්ගත් අවධිය ගැන නැවුම් නිරීක්ෂණයක් සිදු කිරීමේ අවස්ථාව හිමි ව තිබෙනවා.

මෙලෙස සොයාගැනුණු නිදර්ශක ඉක්වදෝරයේ වැලිගල් ආකරයකින් හෙළිකරගන්නා ලද ඒවා බවයි චිකාගෝ ක්ෂේත්‍ර ක්ෂේත්‍ර කෞතුකාගාරයේ ශාක ෆොසිල පිළිබඳ භාරකරු මෙන් ම අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු ද වන ෆැබියානි රෙරේරා Communications Earth and Environment ජර්නලයට සඳහන් කරන්නේ. ඒවා වසර මිලියන 112ක් පමණ පැරැණි බව සොයාගෙන තිබෙනවා.

මෙතෙක් කල් වසර මිලියන 130ක් දක්වා පැරැණි, ඇම්බර් තුළ සංරක්ෂණය වුණු ෆොසිල බහුල වශයෙන් හමු වී තිබුණේ උතුරු අර්ධගෝලයේයි. දකුණු අර්ධගෝලයෙන් මෙවැනි ෆොසිල සුලබ ව හමු නො වීම විද්‍යාඥයන් අතර ද ප්‍රර්නාර්ථයක් ඉතිරි කර දී තිබුණා.

දකුණු ඇමරිකානු මහාද්වීපයෙන් ශාක මැලියම් අතර සිර වූ ප්‍රාග් ඓතිහාසික කුරුමිණියන්, මැස්සන්, කුහුඹුවන් සහ දෙබරුන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි අධ්‍යයනය සඳහා සහභාගී නොවූ ඔක්ස්ෆර්ඩ් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පාෂාණධාතුවේදී රිකාඩෝ පීරෙස්-ඩි ලා ෆුඑන්ටේ සඳහන් කරන්නේ.

සෞන්දර්ය සෙනරත්

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්