නියැන්ඩතාල් නික්ම යයි

Comet C/2022 E3 (ZTF)

නියැන්ඩතාල් යන අන්වර්ථ නාමයෙන් මෙන් ම හරිත ධූමකේතුව (Green comet) ලෙසින් ද හැඳින්වෙන C/2022 E3 (ZTF) වල්ගා තරුව පසුගිය පළමුවැනිදා පෘථිවියට සමීපතම පිහිටීමට පැමිණියා. ජනවාරි දොළොස් වැනි දා සූර්යයාට සමීප වූ එය දැන් පෘථීවියෙන් ඉවතට ඇදී යමින් පවතිනවා. 

මේ වල්ගා තරුව නියැන්ඩතාල් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ එය මීට පෙර පෘථිවිය ආසන්නයට පැමිණියේ නියැන්ඩතාල් මානවයන් මෙලොව වාසය කරන අවධියේදී වීම නිසයි. එනම් නැවත පෘථිවිය බලා එන්නට නියැන්ඩතාල් වසර 50,000 ක කාලයක් ගතකොට තිබෙනවා. මෙම වල්ගාතරුවෙහි නමෙහි ඇති C අකුරෙන් ද පෙන්නුම් කරන්නේ මෙය දිගු ආවර්ත කාලයක් සහිත වල්ගා තරුවක් වන බවයි. 

මේ වල්ගා තරු වේ න්‍යෂ්ටිය කිලෝමීටරයක පමණ විෂ්කම්භයකින් යුක්තයි. එහි දූවිලි හා අයන වලිගය කිලෝමීටර මිලියන ගණනක් දිගු වෙනවා. එමෙන්ම 2023 ජනවාරි මාසය වන විට මෙහි ප්‍රති වලිගයක් ද නිරීක්ෂණය කෙරුණා.

වල්ගා තරුවේ දීප්තිමත් හරය සහ කොළ පැහැති කොමාව ඡායාරූපයේ පැහැදිලිව දිස් වෙනවා කොමාව මෙසේ කොළ පැහැයෙන් දිස්වන්නේ ද්විපරමාණුක කාබන් අණු නිසයි. වල්ගා තරුවේ දීප්තිමත් කෙටි වලිගය සහ සාපේක්ෂව තරමක් දීප්තිමත් දිගු වලිගය ද මෙම ඡායාරූපයේ පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. තාරකා විද්‍යා අධ්‍යයන ආයතනයට (IOAS) අයත් කොළඹ පිහිටි City Observatory නිරීක්ෂණාගාරයේ සිට මේ ඡායාරූපය ලබාගැනුණේ ගීතික සපුකොටන සහ භානුක දිමුතු විසින්.

වස්තුව : Comet C/2022 E3 (ZTF)

දිනය : 09.02.2023

වේලාව : 08.00 pm

ස්ථානය : City Observatory Colombo

උපාංග : Orion 10″ Astrograph OTA, Ioptron CEM 120 mount, Nikon D 600 Camera

නිරාවරණ කාලය : 30 Sec x 87 (44 minutes) 

C/2022 E3 (ZTF) වල්ගා තරුව පිළිබඳ විදුසර විද්‍යා සඟරාවේ පළ වූ ලිපිය කියැවීමට මේ සබැඳියෙන් පිවිසෙන්න.

Related posts

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?

ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන්