Home Science News Starship පුපුරා යයි

Starship පුපුරා යයි

by Sathya

SpaceX සමාගමේ Starship රොකට්ටුව මීට සුළු මොහොතකට ඉහත සිය පළමු පරීක්ෂණ පියාසැරිය අතරතුර දී පුපුරා විනාශයට පත් වුණා. ගගනගාමීන්ගෙන් තොර ව කළ අත්හදා බැලීමක් නිසා මෙයින් එකඳු ජීවිත හානියක් හෝ වාර්තා වූයේ නැහැ.

දකුණු ටෙක්සාස් හි පිහිටි Starbase අංගණයේ සිට නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මැද ඉහළට ඇදී ගිය එය පළමු අදියර වෙන් කිරීමේ දී යම් දෝශයකට ලක් ව ඇති බව දිස් වුණා. Super Heavy බූස්ටරයේ විය යුතු ව තිබූ අදියර වෙන්වීම (stage separation) සිදු නො වූ අතර මුළු රොකට්ටුව ම පාලනයෙන් තොර ව කරකැවෙන්නට පටන්ගත්තා. පොළොවෙන් ඉහළට එසැවී සිව් වන විනාඩිය සපුරන්නට තත්පර කිහිපයක් තිබිය දී එය පුපුරා ගියේ දුම් වලාවක් මවමින්.

තවත් මාස කිහිපයක ඇවෑමෙන් Starship යානය නැවත ගුවන් ගත කරීමට බලාපොරොත්තු වන බව SpaceX හිමිකරු ඊලෝන් මස්ක් පවසනවා.

“Starship පරීක්ෂණ පියාසැරිය වෙනුවෙන් SpaceX කණ්ඩායමට සුබපැතුම්! (ඉන්) තවත් මාස කිහිපයකින් සිදුවන පරීක්ෂණ පියාසැරියකට අවශ්‍ය බොහෝ දේ ඉගෙන ගත්තා.” ඔහු සඳහන් කළේ Twitter සටහනක් තබමින්.

එසේ ම NASA ප්‍රධානී ජිම් නෙල්සන් ද Twitter සටහනක් තබමින් SpaceX වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ලොව සෑම ජයග්‍රහණයක් පසු පස ම අවදානමක් ඇති බව පෙන්වා දෙන ඔහු එහි සඳහන් කර ඇත්තේ ඒ බැරෑරුම් අවදානමත් සමග ත්‍යාගයක් ද දායාද වන බවයි.

BBC, CNN, Independent සහ Washington Post ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications