මියෙන රතු යෝධ තාරකාවක් නිහාරිකාවකට උපත දෙයි

A billowing pair of nearly symmetrical loops of dust and gas mark the death throes of an ancient red-giant star, as captured by Gemini South, one half of the International Gemini Observatory, operated by NSF’s NOIRLab. The resulting structure, said to resemble an old style of English jug, is a rarely seen bipolar reflection nebula. Evidence suggests that this object formed by the interactions between the dying red giant and a now-shredded companion star. The image was obtained by NOIRLab’s Communication, Education & Engagement team as part of the NOIRLab Legacy Imaging Program.

මිය යමින් පවතින රතු යෝධ තරුවකින් උපත ලබන ජෙ‍ා්ගුවක හැඩයෙන් යුතු නිහාරිකාවක් ඡායාරූපගත කිරීමට Gemini South දුරේක්ෂය සමත් වී තිබෙනවා. තරුව ඉදිමීමට ලක්‍ වන විට නික්මෙන ගෑස් වලාවන් එම දුර්ලභ ගණයේ ද්විත්ව ඛණ්ඩික නිහාරිකාව (double-lobed planetary nebula) සාදා තිබෙනවා. එය පිහිටා ඇත්තේ Carina තාරකා රටාවට ආලෝක වර්ෂ 1200ක දුරකින්.

ඡයාරූපය සමග නිවේදනයක් නිකුත් කරමින් ජා‍ත්‍යන්තර ජෙමිනි නිරීක්ෂණාගාරය (International Gemini Observatory) සඳහන් කරන්නේ නිහාරිකාව සැදුම් ලත් දිදුලන තැඹිලි පැහැ ව්‍යුහය පුරාතන බ්‍රිතාන්‍යයේ භාවිතා වූ Toby Jug යනුවෙන් හැඳින්වෙන ජෝගුවක් සිහිකරන බවයි. එම නිසා IC 2220 ලෙස නිල වශයෙන් නම් කර ඇති මෙම ග්‍රහ නිහාරිකාවට Toby Jug නිහාරිකාව ලෙස සුරතල් නාමයක් පටබැඳී තිබෙනවා. කෙසේ නමුත් ටෝබි ජෝගුවක පෙනුම තරමක් අප්‍රසන්න වුවත් IC 2220 එ් අතින් අතිශය සුන්දරයි.

නිහාරිකාව මධ්‍යයේ එහි උපතට හේතුව වූ HR3126 රතු යෝධ තාරකාව පිහිටා තිබෙනවා. එහි වයස ලෙස සටහන් වන්නේ වසර මිලියන 50ක් පමණයි. වසර බිලියන 4.6ක ආයු විඳ තිබෙන අපගේ සූර්යයා හා සසඳන කළ අතිශය බාල අවධියක පසු වන එය රතු යෝධ තරුවක් දක්වා සීඝ්‍රයෙන් වර්ධනය වූයේ එහි ඇති ස්කන්ධයේ තරම නිසයි. එය අපගේ සූර්යයා මෙන් පස් ගුණයක ස්කන්ධයකින් යුතුයි. එනම් එය සූර්යයාට වඩා වැඩි සීඝ්‍රතාවකින් හයිඩ්‍රජන් දහනයකොට තිබෙනවා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි