ලොව පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වෙයි

ලෝකයේ මෙතෙක් හමු වී ඇති පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඉන්දුනීසියාවට අයත් Sulawesi දූපතේ ම කිලෝමීටර 10කට නුදුරෙන් අලුතෙන් සොයාගත් සිතුවම හමු වී තිබෙනවා.

2017 දී සොයාගත් මේ නව සිතුවම අවම තරමින් වසර 51,200ක් වත් පැරැණි බව විශ්වාස කෙරෙනවා. මේ සිතුවම මුලින් ම නිරීක්ෂණය කරන ලද්දේ ඉන්දුනීසියාවට අයත් Sulawesi දූපතේ පිහිටා ඇති Leang Karampuang ලෙන ගවේෂණය කිරීම සඳහා පිටත් වූ පර්යේෂකයන් පිරිසක් විසින්. Nature වාර්තා කරන පරිදි Griffith විශ්වවිද්‍යාලය, Southern Cross විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියානු ජාතික පර්යේෂණ සහ නවෝත්පාදන ඒජන්සිය නියෝජනය කරමින් පර්යේෂකයන් ඒ සඳහා ඉක් ව සිටියා.

සිතුවමේ සාම්පල 2017 දී ම එකතු කරගත් නමුත් මේ වසර වන තෙක් දින නිර්ණය සිදු කර තිබුණේ නැහැ.

මේ සොයා ගැනීමට පෙර ලොව පැරැණිතම ලෙන් චිත්‍රයට හිමි වාර්තාව දැරුවේ ජීවමාන ප්‍රමාණයේ වල් ඌරකු දැක්වෙන Leang Tedongnge අසල ගුහාවක ඇඳි චිත්‍රයක්. එය අඳින ලද්දේ අදින් වසර 45,500කට පමණ පෙර බව දින නිර්ණය වී තිබුණා.

2017 දී සොයාගත් නව වාර්තාවට හිමිකම් කියන සිතුවමේ මානව සහ සත්ත්ව දෙමුහුමක් ලෙස හඳුනාගත හැකි රූප තුනක් සහ එක් වල් ඌරකු බව පර්යේෂකයන් පවසනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට