හීලියම් 3 රැගෙන ඒමට සඳ මත චුම්භකිත ලෝන්චරයක්

සඳෙන් ලබාගන්නා සම්පත් පෘථිවිය වෙත ගෙන ඒම සඳහා සඳ මත චුම්භකිත දියත් කිරීමේ පුවරුවක් (ලෝන්චරයක්) ඉදිකිරීම යෝග්‍ය බව චීන විද්‍යාඥයන් යෝජනා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ එය වියදම් අවම මෙන් ම කාර්යක්ෂම සම්පත් ප්‍රවාහනයකට මඟ කියන බවයි.

ඔවුන් යෝජනා කරන පරිදි චන්ද්‍රයාගේ අඩු ගුරුත්වය සහ වායුගෝලීය තුනී බව ප්‍රයෝජනයට ගනිමින් දැනට යොදාගන්නා ප්‍රචාලන ක්‍රමවේදවලට වැය වන පිරිවැය මෙන් 10% ක අගයකින් දිනකට දෙවරක් මේ ක්‍රමවේදය ඔස්සේ සම්පත් පෘථිවිය වෙත ගෙන ආ හැකියි. මේ චුම්භකිත උත්තෝලන පද්ධතිය යෝජනා කරන්නේ Shanghai Institute of Satellite Engineeringහි පර්යේෂකයන් විසින්.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ පද්ධතියේ තාක්ෂණීක යෝග්‍යතාව ඉහළ මට්ටමේ පවතින බවයි. ඉන්ධන යොදා නො ගෙන විදුලියෙන් පමණක් ක්‍රියාත්මක වන නිසා එය සඳ මත ස්ථාපනය කිරීම ද සාපේක්ෂ ව පහසු වනු ඇති බව ඔවුන් Aerospace Shanghai ජර්නලයේ පළ කොට තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෘථිවියේ බලශක්ති අර්බුදයට විසඳුම් ගෙන ආ හැකි චන්ද්‍රයා මත බහුල ව ඇති හීලියම් 3 කැනීමෙන් පසු පෘථිවිය මතට ගෙන්වා ගැනීම සඳහා මෙවැනි පද්ධතියකින් සුවිශාල සේවයක් සැලසෙනු ඇති බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්

මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි