Science News ජෙට් එන්ජින් සහිත ලොව පළමු වැනි මානවරූපී රොබෝවා ඉතාලියෙන් SathyaAugust 21, 20240139 views ඉතාලි තාක්ෂණ ආයතනයේ රොබෝතික විද්‍යාඥයන් ලොව පළමු වැනි ජෙට් ප්‍රචාලනයක් සහිත මානවරූපී රොබෝවා නිර්මාණය කර තිබෙනවා. ඒය තවමත් ඇත්තේ අත්හදා බැලීම් මට්ටමේයි. iRonCub ලෙස නම් කර ඇති මේ රොබෝවා නිමවා ඇත්තේ කුඩා ජෙට් එන්ජින් හතරක් ද සහිත වයි. ඉන් අවශ්‍යතාව පරිදි ඉගිලී යාමටත් සුවිශේෂ වූ මෙහෙයුම් සිදු කිරීමටත් එයට හැකියාව ලැබෙනවා. මානවරූපී රොබෝවන්ට පියාසර කිරීමේ හැකියාව ලබා දීම මඟින් මෙතෙක් ඔවුන් යොදා නො ගත් ක්ෂේත්‍රවලට පවා ප්‍රතිලාභ ලැබිය හැකි පරිදි යොදා ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහස වී තිබෙනවා. ගලවාගැනීමේ මෙහෙයුම් එවැනි එක් ක්ෂේත්‍රයක්. රොබෝවා තැනීම සඳහා අත්හදා බැලීම් සිදු කිරීම ඇරඹී ඇත්තේ 2021 වසරේයි. ඉතාලි තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් මුල දී දැඩි අභියෝගයකට මුහුණ දුන්නේ ජෙට් එන්ජින් මඟින් නිකුත් වන ගිනි දලු හේතුවෙන් රොබෝවා ගිනි ගැනීම සහ රත් වී පිපිරී යාම නිතර සිදු වීම නිසායි. කෙසේ නමුත් මේ වන විට ඔවුන් සාර්ථක ලෙස ඒ අභීයෝග ජය ගනිමින් සිටිනවා. අංශක 53 ක පුළුල් අංශක ගණනක නිදහසේ හැසිරීමේ හැකියාව රොබෝවා සතුයි. සංචරණය සහ අනෙකුත් මෙහෙයුම් සඳහා අවශ්‍ය වන සංවේදක, කැමරා, මයික්‍රොෆෝන, ගයිරස්කෝප වැනි උපාංග සියල්ලක් ම එය සතු වනවා. Interesting Engineering සෞන්දර්ය සෙනරත්