BMW කර්මාන්තශාලාවේ වැඩ කරන මානව රූපියා

Figure AI නමැති රොබෝ නිෂ්පාදන සමාගම සහ රථවාහන නිෂ්පාදන දැවැන්තයෙකු වන BMW සමාගම එක් ව Figure 02 නමැති මානව රූපී රොබෝවෙකු නිමවා තිබෙනවා.

දැනටමත් රොබෝවා BMW නිෂ්පාදන කර්මාන්තශාලාවක කටයුතු සඳහා අනුයුක්ත කර ඇති අතර මින් පෙර අදියරවල දී රොබෝවා සතු වූ වේගය මෙන් 400 ගුණයක ක්‍රියාශීලී ව්ගයක් ලබා දීමට සැලසුම් කරුවන් සමත් වී තිබෙනවා. සමාගම් ද්විත්වය සඳහන් කරන්නේ මේ රොබෝවාගේ සංවර්ධනය වාහන නිෂ්පාදන පද්ධති නව දිශානතියකට යොමු කරනු ඇති බවයි.

මුදාහැර ඇති නවතම වීඩියෝවක දැක්වෙන්නේ Figure 02 රොබෝවා දවසකට නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය වාහන කොටස් 1000ක් පමණ නියමිත පරිදි ස්ථානගත කරන්නට සහත් බවයි. එය නිෂ්පාදන කර්මාන්තය තුළ භාවිතයට ගැනෙන මානව රූපී රොබෝවන් අතර සංධිස්ථානයක් ලෙස සැලකෙනවා. Figure AI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Brett Adcock පවසන්නේ තව තවත් රොබෝවන් සේවයට එක් කිරීම, තව තවත් දත්ත එක් රැස් කිරීමට මඟ පාදන බවත්, ඉන් සිය කෘත්‍රිම බුද්ධි මොඩල තව තවත් වර්ධනය වීමත් සිදු වන බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට