පසුගිය විසි වසර ඇතුළත පෘථිවියේ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වී පැවතීමට ඉඩ ඇති බව විද්‍යාඥ පිරිසක් යෝජනා කරනවා.
මේ නව අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය John Vidaleට අනුව මෙතෙක් අභ්‍යන්තර හරය ගෝලාකාර බව පළිගැනුණත්, එහි සීමාව මීටර 100කින් පමණ එහා මෙහා වී ගෝලාකාර බවෙන් තොර ව පැවතීමට ඉඩ තිබෙනවා.
පෘථිවියේ හරි එහි හදවතට සම කළ හැකියි. හිරුගේ විකිරණය හේතුවෙන් නිකුත වන අහිතකර කිරණවලින් ජීවීන් ආරක්ෂා වී ඇත්තේ හරයේ ක්‍රියාකාරිත්වය නිසා පෘථිවිය වටා අදිසි ආවරණයක් සේ පවතින චුම්භක ක්ෂේත්‍රය නිසයි. අභ්‍යන්තර හරය, ද්‍රව ලෙස පවතින පිටත හරයෙන් වෙන් ව ස්වාධීන ලෙස කරකැවෙන බව සොයාගෙන තිබෙනවා. මේ චලනය නොමැති නම් අදන් වසර මිලියන ගණනකට පෙර සිය චුම්භක ක්ෂේත්‍රය අහිමි වී මළ ලොවක් බවට පත් ව ඇති අඟහරුගේ තත්ත්වයට පෘථිවියත් පත් වනු ඇති.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වීමට එහි දාරය පිටත හරයේ ඇති අතිශය උණුසුම් ද්‍රව ලෝහ සමඟ ඇතිල්ලීම හේතු වන බවයි.
මේ අධ්‍යයනයේ වාර්තාව ඉකුත් දා Nature Geoscience ජර්නලයේ පළ වුණා. මේ පර්යේෂණය අතරතුර දී විද්‍යාඥයන්ගේ මූලික අරමුණ වී තිබුණේ 2010 දී වේගය නැවත වතාවක් වැඩි කරගැනීමට පෙර, පෘථිවියේ භ්‍රමණ වේගයටත් වඩා අඩු වේගයක භමණයකට ඇතුළත හරය පිළිපන්නේ ඇයි ද යන්න සොයාබැලීමයි.
නව අධ්‍යයනයේ දී 1991 සහ 2023 අතර කාලයේ පෘථිවි අභ්‍යන්තරයේ එක ම තැනකින් හටගත් භූ කම්පනවල තරංග රටා විශ්ලේෂණයට ලක් කෙරුණා. කාලයත් සමඟ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වන ආකාරය ගැන අදහසක් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වී තිබුණා.
BBC ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්