මුහුද රළු වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ⁣ඊයේ දිනයේ නිකුත් කරන ලද මේ නිවේදනය අද පස්වරු 3.30 දක්වා වලංගු වනවා.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ⁣ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 60ත් 70ත් අතර වේගයෙන් හමන සුළං ධාරා වාර්තා විය හැකි බව ද එම මුහුදු ප්‍රදේශවල රළ සැඩ විය හැකි බව ද නිවේදනයේ දැක්වෙනවා.

කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ එම මුහුදු කලාපවල මසුන් මරන ධීවර ප්‍රජාවන් යළි දැනුම්දෙන තුරු යාත්‍රා නො කරන ලෙසටයි.

හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 55ත් අතර ඉහළ අගයක් වාර්තා කළ හැකියි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5ත් 3ත් අතර ඉහළ යාමේ හැකියාවක් වාර්තා කළ හැකියි. කෙසේ නමුත් එය ගොඩබිමට වදින රළ උස නො වන බව ද නිවේදනයේ දැක්වෙනවා.

මේ කාලගුණ තත්ත්වයේ නවතම වාතාවරණය ගැන විමසිල්ලෙන් පසුවන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන ගැන අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට