Home Science News ⁣අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා

⁣අන්තර්තාරීය අවකාශයේ සිට එන තුන්වැනි අමුත්තා

by Sathya

සෞරග්‍රහ මණ්ඩලයට එපිට සම්භවයක් සහිත වස්තුවක් වේගයෙන් සූර්යයා දෙසට සමීප වෙමින් පවතිනවා. ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මේ වස්තුව නම් කර ඇත්තේ 3I/ATLAS ලෙසයි. 2017 දී සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ Oumuamua ග්‍රහකය සහ 2019 දී ඇතුළු වූ 2I/Borisov ධූමකේතුවෙන් පසු අන්තර්තාරීය අවකාශයේ සිට සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වන තුන් වැනි වස්තුව මෙයයි.

චිලී රාජ්‍යයේ රියෝ හර්ටාඩෝහි පිහිටා ඇති NASA ආයතනයෙන් මෙහෙයවෙන ATLAS (Asteroid Terrestrial-impact Last Alert System) දුරේක්ෂ පද්ධතිය විසින් මෙය පළමු වරට නිරීක්ෂණය කරනු ලැබුණේ ඉකුත් ජුලි 01 දිනයි. එවිට එය තාවකාලික ව C/2025 N1 (ATLAS) ලෙස නම් තරනු ලැබුණා. පසු ව මෙවැනි වස්තූන් නම් කිරීම සඳහා බලය තිබෙන Minor Planets Center විසින් එය 3I/ATLAS ලෙස නම් කරනු ලැබුවේ ‘3I’ යන්නෙන් අන්තර්තාරීය අවකාශයෙන් පැමිණි තෙවැනි සාමාජිකයා යන්න අරුත් ගන්වමින්.

මේ වන විට 3I/ATLAS ඇත්තේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 4.5ක – නෙ එසේ නම්, කිලෝමීටර මිලියන 670 ක් පමණ දුරින්. මේ වන විට එය 18.8ක් වැනි අඩු දීප්තියකින් යුතු වක බැවින් ආධුනික දුරේක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ නො හැකි වන නමුත්, කෙමෙන් හිරුට ළං වන විට නිරීක්ෂණය කළ හැකි වෙතැ යි අපේක්ෂා කෙරෙනවා. සිදුකර ඇති ගණනයන්ට අනුව එලැඹෙන ඔක්තෝබර් 30 වැනි දා එය සිය සූර්ය සමීපකයට (perihelion) ළඟා වනු ඇති අතර සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 1.4ක් දුරින් – එනම් අඟහරුගේ කක්ෂය අභ්‍යන්තරයට පැමිණ යළි පිටතට ඇදී යාම අරඹනු ඇති.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications