Home Science News SpaceX දියත් කළ රහසිගත චන්ද්‍රිකාව

SpaceX දියත් කළ රහසිගත චන්ද්‍රිකාව

by Sathya

පසුගිය ඉරිදා කේප් කැනැවරල්හි පිහිටි Space Force මධ්‍යස්ථානයෙන් Commercial GTO-1 යනුවෙන් නම් කරන ලද මෙහෙයුමක් SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් උඩුගුවන්ගත කෙරුණා. SpaceX සමාගම විසින් මෙසේ උඩුගුවන්ගත කෙරුණේ කුමක් ද යන්න හෙළි කර තිබුණේ නැහැ. කෙසේ නමුත් විශ්වාස කෙරෙන්නේ එය Dror-1 නමැති ඊශ්‍රායලයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාව බවයි.

Dror-1 යනු භූස්ථායී සන්නිවේදන චන්ද්‍රිකාවක් බවත්, එය Israel Aerospace Industries (IAI) විසින් සංවර්ධනය කරන ලද්දක් බවත් NextSpaceflight.com වෙබ් අඩවිය කරුණු වාර්තා කරනවා.

“එයින් ඉදිරි වසර 15 සඳහා ඊශ්‍රායලයේ චන්ද්‍රිකා සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමට අදහස් කරනවා,” එම මාධ්‍ය ආයතනය සඳහන් කරනවා. “Dror -1 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් IAI හි ස්වදේශීය ඊශ්‍රායල තාක්ෂණයන්ගෙන් සමන්විත වන අතර, එයට උසස් ඩිජිටල් සන්නිවේදන හැකියාවන් ඇතුළත් වනවා.”

භූස්ථායී කක්ෂය පිහිටා තිබෙන්නේ පෘථිවියට කිලෝමීටර් 35,786 ඉහළින් උසකින්. මෙම උන්නතාංශයේ දී, කක්ෂීය වේගය පෘථිවියේ භ්‍රමණ වේගයට ගැළපෙන බැවින්, මෙම මාර්ගයේ ඇති අභ්‍යවකාශ යානා පෘථිවියේ එක ම ලක්ෂ්‍යයකට ඉහළින් අඛණ්ඩ ව පවතින බව දිස්වනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications