Home Science News චීන අභ්‍යවකාශ නැවතුම්පො⁣ළට අලුත් අභ්‍යවකාශ ඇඳුම්

චීන අභ්‍යවකාශ නැවතුම්පො⁣ළට අලුත් අභ්‍යවකාශ ඇඳුම්

by Sathya

 

චීනය සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යන නව සැපයුම් මෙහෙයුම වන Tianzhou 9 පසුගිය දා දියත් කළා. ඒ ඉකුත් සඳුදා (14) හයිනන් දූපතේ පිහිටි වෙන්චෑං චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට Long March 7 රොකට්ටුවක් ආධාරයෙන්.

Shenzhou 20 මෙහෙයුමට අනුයුක්ත ව ගගනගාමීන් තිදෙනෙකු මේ වන විට Tiangong නැවතුම්පොළේ වාසය කරන අතර, මෙම භාණ්ඩ සැපයුම් මෙහෙයුම මඟින් මෙට්‍රික් ටෝන් 6.5ක බරින් යුතු සැපයුම් ප්‍රමාණයක් ඒ වෙත ගෙනගොස් තිබෙනවා.

සැපයුම් අතර ආහාර, ඉන්ධන, සහ විවිධ දෘඩාංග මෙන් ම විද්‍යාත්මක උපකරණ ද ඇති අතර, අභ්‍යකාශ ඇඳුම් දෙකක් ද එයට ඇතුළත්. එරට රාජ්‍ය නාලිකාවක් වන CGTN පවසන පරිදි මේ අභ්‍යවකාශ ඇඳුම් යුගලය අති නවීන වන අතර, වසර 4ක කාලයක් තුළ අභ්‍යවකාශ සක්මන් 20ක් සිදු කළ හැකි ලෙස තනා තිබෙනවා. චීනය විසින් මෙතෙක් භාවිතයට ගැනුණු අභ්‍යවකාශ ඇඳුම්වලට දරාගත හැකි වූයේ වසර තුනක කාලයක් තුළ සිදු වන අභ්‍යවකාශ සක්මන් 15ක ප්‍රමාණයක් පමණයි.

Tianzhou 9 මඟින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ව්‍යායාම් ශාලාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මූලික මාංශ පේශි පුහුණු උපකරණ කට්ටලයක් ද ගෙන ගොස් ඇති අතර, එය ටයිකොනෝට්වරුන්ට (චීනය සිය ගගනගාමීන් හඳුන්වන්නේ taikonauts නමින්) අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්වයන්හි දී මාංශ පේශි අඩුවීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇතැ යි ද වැඩිදුරටත් සඳහන්.

නිම්නා අමරසේකර

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications