චීනයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන චැංගන් (Changan) විසින් සින නවතම Nevo A06 සෙඩාන් පන්නයේ විදුලි මෝටර් රථය පසුගිය දා නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුණා. මෙය battery-electric (BEV) සහ extended-range electric (EREV) යන මාදිලි දෙකකින් මිල දී ගත හැකි වනු ඇති බවයි සමාගම නිවේදනය කර ඇත්තේ.
සමාගම පෙන්වා දෙන පරිදි Nevo A06 සතු තත්ත්වයෙන් උසස් 6C බැටරියට තත්ත්පරයක ආරෝපණයකින් සැතපුම් 0.62ක දුරක් ධාවනය කළ හැකි වීම විශේෂත්වයක්. එය විදුලි වාහන අතරින් ඉහළ ම ආරෝපණ වේගයක් සතු බැටරියක් වනවා.
මේ වසර අවසානයේ Nevo A06 මාදිලිය වෙළෙඳපොළට ඇතුළු කිරීමටත් අනෙකුත් විදුලි මෝටර් රථ සමඟ කරටකර තරග වැදීමටත් චැංගන් සමාගම බලාපොරොත්තු වනවා.
නිම්නා අමරසේකර