මෙරට සිසුන් හට සිය නවීනතම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini, එහි සියලු පහසුකම් සමඟ නොමිලයේ ලබා දීමට Google සමාගම එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) මෙරට පළමු ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය වන National AI Expo and Conference හි සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර පැවති දීර්ඝ සහයෝගීතා වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාවල ලබාගත හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ ඔස්සේ දිවයින පුරා සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් ෙ, ක්ලවුඩ් පරිගණක වේදිකා සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් ආදිය වෙත නොමිලේ ප්‍රවේශය ලබාගත හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කළා. කෙසේ නමුත් එය සදාචාරයට අනුගත ව භාවිත කිරීම අතිශය වැදගත් බව ද ඔහු අවධාරණය කළේ ය.
සිසුන් වෙත Gemini නොමිලයේ ලබා දීම මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව පවතින තලයට වඩා ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා.
මෙම වැඩසටහන ඉක්මනින් ම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් නුදුරේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව සඳහන්.